ලංකා ධීවර සංස්ථාව ධීවරයින් අල්ලන මාලුවලින් සීයට එකක්වත් මිලදී නොගන්නා බව වාර්ථාවෙි.මෙම තත්වය නිසා රට තුළ මාලු මිල පාලනය කිරිම සදහා ධිවර සංස්ථාවට නොහැකිවී ඇත.ඊට අමතරව රට මැදට වන්නට ලංකා ධීවර සංස්ථාවේ ධිවර අලෙවි සැල් නොමැති නිසා පුද්ගලික වෙලෙන්දන් විසින් මාලු මිල ඉහළ දැමිම නිසා පාර්භෝගිකයින් දැඩි අසාධාරණයට ලක්ව තිබෙි.
දිගින් දිගටම පාඩු ලබන ධිවර සංස්ථාව විසින් රජයේ ආයතන වන රොහල්, ත්‍රිවිධ හමුදාව ආදි ආයතනවලටවත් අඩුම තරමේ මාලු සැපයිම කර ගැනිමට නොහැකි වී ඇත.
මේ වනවිට ධිවර සංස්ථාව රුපියල් මිලියන 1600 ණය වී ඇති අතර පුද්ගලික මාලු සැපයිම් කරුවන්ට පමණක් මිලියන 700කට වැඩි මුදලක් ගෙවිමට තිබෙි. ඊට අමතරව සේවකයින්ගේ ඊපීඑෆ් හා ඊටීඑෆ් නිසි අකාරව බැර කර නොමැති අතර ඒසදහා රුපියල් මිලියන 700ක් ගෙවිමට ඇති බව සදහන්වේ

