කොළඹ නගරසභා බලප්‍රදේශය ප්‍රධාන කොටස් 15 කින් සමන්විතය. නමුත් කොළඹ නගරය යනු රටේ අනෙක් අයට කොටුව පිටකොටුව මරදාන කොම්පඤ්ඤවීදිය බොරැල්ල දෙමටගොඩ ග්‍රෑන්ඩ්පාස් පමණි. කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත කුරුදුවත්ත සහ හැව්ලොක් ටවුම යනු වෙනමම ලෝකයකි. සන්තබස්තියම කන්ද නොහොත් අළුත්කඩේ කියන්නේ උසාවිය පමණි. කොටහේන යනු සාන්ත අන්තෝනි දේවස්ථානය පමණි. මෝදර කියන්නේ කාලි කෝවිල පමණි. නමුත් මේ සියළුම ස්ථාන පාලනය වන්නේ කොළඹ නගර සභාව මගිනි.
මෙම සෑම කොට්ඨාසයකම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නගර සභාවට අයත් ගොඩනැගිලි නඩත්තු කිරීම ප්‍රධාන වශයෙන් නගර සභාවේ වගකීමකි. එසේම කොළඹ නගර සභා සීමාව තුල රථවාහන නතර කිරීම පාලනය සහ කළමනාකරණය කිරීමද නගර සභාවේ වගකීම් වලින් තවත් කොටසක් වන්නේය.
කොළඹ නගර සභා ඉතිහාසයේ වැඩි අවස්ථා ගනනක් එහි පාලන බලය හොබවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. නගරාධිපති සහ උප නගරාධිපති තේරීමේදී නීතියක් නොමැති උවත් රීතියක් බවට පත්ව ඇත්තේ ජාතීන් දෙකක දෙදෙනෙකු එම ඒ සදහා පත්කිරීමයි. එයට විශේෂ හේතුව වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් යන ජාතින් තුනම 30% සහ 35% අතර සීමාවේ සිටීමයි
වත්මන් කොළඹ නගර සභාවේ පාලනය හොබවන්නේ රටේ පාලන බලය හොබවන ජාතික ජන බලවේගය යි. පලාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තද එය තනිවම බලය පිහිටුවීමට ප්‍රමාණවත් නොවීම නිසා අනෙක් සුළු පක්ෂ සමග එකතු වීමට සිදුවිය. වෙනත් පක්ෂයක් එය සිදුකරානම් ජාතික ජන බලවේගය එය හදුන්වන්නේ ඩීල් කියාය. ඒ අනුව ඔවුන්ද කුඩා පක්ෂ සමග ඩීල් දමා බලය පිහිටවිය. එම ඩීල් දැමීම සිදුකරේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ය. ඒ ඔහුගේ ඊලග පාර්ලිමේන්තුවට යාම බලාපොරොත්තු වන්නේ කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් ආසන 4 මුල් කරගෙනය.බලය පිහිටවූ දා සිට නගරාධිපතිණිය වූ වායි බල්තසාර් සහ තිරේ පිටුපස නගරාධිපති සුනිල් වටගලගේ උත්සහ කරමින් ඉන්නේ කොළඹ නගරය දියුණු කිරීම නොව අටවාගත් බලය රැක ගැනීම ගැන පමණි.
රටේ වෙනත් ප්‍රදේශයන්හි සිට පැමිණෙන අයට පලමුව නෙත ගැටෙන්නේ කොටුව දුම්රිය පොල අවට සහ පිටකොටුව ප්‍රදේශය යි. පිටකොටුව තනිකරම කුණු ගොඩකි. බලය රැක ගන්න උදව් කල සුළු පක්ෂවලට වරප්‍රසාද ලෙසට පදික වේදිකාව ලබාදී ඇත. කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට ඇති පාර මාරුවන ගුවන් පාලම උඩද දැන් පදික වෙළදුන් ය. අතුරු මාර්ග සෑම එකකම එසේය. පදික වේදිකාවේ වෙළෙන්දන් නිසා අවහිරය.
කවුරු මොනවා කීවත් කොළඹ නගරය ඉතාමත් පිරිසිදුව සහ කාර්යක්ෂමව තිබුනේ ගෝඨාභය රාජපක්ෂ භාරයේ නාගරික සංවර්ධන අධිකාරිය තිබුන යුගයේය. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ කිසිම සැලසුමක් පේන තෙක් මානයේ නැත. බිමල් රත්නායක ඇමතිවරයා මුල්වී පිටකොටුව මධ්‍යම බස් නැවතුම නවීකරණය කරන්න ආරම්භ නොකරන්න ඉදිරි අවුරුදු 4 ම කොළඹ නගරය අපායකි.
සුද්දා පාලන කරන කාලයේ සිට කොළඹ කුළී රථ නතර කිරීමට ස්ථාන නම් කර තිබුණි. නමුත් දැන් ඒවා නැත. කොළඹ නගර සීමාවට පැමිණෙන වාහන නවතා තැබීම තවමත් මාෆියාවකි. කොළඹ නගර සභාවට වාහන නවතා තැබීමෙන් ලැබිය යුතු මුදල ලක්ෂ ගනනක් බවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් එම මුදල් ගසා කා ඇති බවත් ජාතික ජන බලවේගය වෙනුවෙන් මුහුණු පොතේ අපුල්ලන අය ලීවත් එම මුදල් අය කර ගැනීමට කොළඹ නගර සභාවේ පාලකයන් කිසිදු පියවරක් ගෙන හෝ ගන්නේ නැත. හේතුව කොළඹ වාහන නැවතුම් මාෆියාව සිදුකරන අය සමග සුනිල් වටගල ඩීල් දමා තිබීමයි.
දැන් මේක දැකපු ගමන් සුනිල් වටගල ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත මූලස්ථානයේ පොලිස් ශඛාව වන සීඅයිඩී ය වෙත යනු ඇත. මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ රෙද්දේ මළපහ උනාට පසු පුකට නඩු දැමීමේ ක්‍රමයයි. ඒ ක්‍රමය සැමදාම වලංගු නොවන බව නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවේ නායකයන් ඉගෙන ගනු ඇත.

