මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා සිදුවූ ස්ථාන නායයෑම් දැඩි අවදානම් ස්ථාන හඳුනා ගැනීම ,නිරීක්ෂණය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් භූ විද්‍යාඥයන් නොමැති වීම ඉතා බරපතළ ප්‍රශ්ණයක් බවට පත්ව ඇතැයි පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගිවූ ප්‍රාදේශීය ලේකම්වරුන් ,ලේකම්වරියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූවිද්‍යාඥයන්ගේ දැඩි හිඟය නිසා , නායයෑම් අනතුරු ස්ථාන නිශ්චිතව හඳුනා ගැනීම අපහසු වී තිබෙන
බවත් ,මෙම තත්ත්වය නිසා අනතුරුදායක නායයෑම් ස්ථාන හඳුනා ගැනීම අඩපණ වී තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී පැවසීය.
දැනට නායයෑම් ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ පරීක්ෂණ කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය භූ විද්‍යාඥයන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරිනියක් සම්බන්ධීකරණ කමිටුව හමුවේ පැවසුවාය.
නායයෑම් අනතුරුදාය ස්ථාන රැසක් පිහිටි උඩදුම්බර ,නාවලපිටිය ,ගම්පල ,මිනිපේයන ප්‍රදේශවල පර්යේෂණ කටයුතු කඩිනමින් ප්‍රමාණවත් භූවිද්‍යාඥයන් යොදවා සිදු නොකලහොත් ඉදිරි වැසි සමයේ බරපතළ නාය යෑම් සිදුවන අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ලේකම්වරුන් පැවසිය.
2025-12-11

