දිට්වා එන්නම ඕනේ නැත කොළඹ යටවන්නට.මිලිමිටර් 75 වැඩි වර්ෂාවක් විනාඩ් කිහිපයක් පතිත වුවහොත් මුල් කොළඹ නගරයම යටවන්න යන්නේ විනාඩි කිහිපයකි.ඊට හේතුව වැසි ජලය බැස යාමට ක්‍රමවත් කාණු පද්දතියක් නොමැති විමයි.තිබෙින කාණු පදිද්දයද නඩත්තු නොකිරිම මුලික හේතුවයි.මින් නඩත්තු කිරිම යන්න කාණුව ශූද්ධ කිරිම පමණක් නොවේ.අදවනවිට වැසි ජලය බැස යන කාණු කොළඹ පමණක් නොව රටේ සෙසු තැන්වලද ගොඩකර ඉදිකිරිම් කර තිබෙි.
එවා අයිති පළාත්පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොකිරිමේ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව,මාර්ග සංවර්ධන අධිකාරිය ආදි මෙිකි නොකි එවා අයත් ආයතන නිද්‍රාශිලි කි‍්‍රියා පිළිවෙතක් අනුගමනය කිරිම නිසා ජාවාරමුන්ට එවා අයිති කර ගැනිමට අවශ්‍ය මංපෙත් පාදී ඇත.තවත් ආයතනවල සිටින දුෂිත නිළදාරින් එසේ නිතිවිරෝධිව ඇළවල්, ඔයවල් හා ගංගා වනසමින් අනවසර ඉදිකිරිමි කිරිමට රුක් ලබා දෙමින් ඔවුන්ගේන් යම් ගතමනාවක් ලබා ගෙන නිහඩව සිටියි.ඊට නොදෙවැනිව පැවැති දේශපාලන අධිකාරින්වල සිටි දුෂිත දේශපාලඥයන්ද තම ජන්ද දායකයා බව පවසමින් එම නිතී විරෝධි කටයුතු කරන පිරිස රැක නිළධාරින්ට නීතීය ක්‍රියාත්මක කිරිමට නොදුන් අවස්ථා ද තිබිණි.
එහි ප්රඵලයක ලෙස පසුගියදා මුලු රටටම බලපෑ දිට්වා සුළිකුණාටුවෙන් සොබාදහමට පිටිපෑ අයට පාඩම කියා දුන්නේය.ඒ තම ජිවිත කාලයම හරිහම්බ කර ගෙන එසේ ඉදිකර තිබු දේපල දිය රක්සාට බිලිවිමට ගතවුයේ නිමෙිෂයකි.මෙම ඉදිකිරිම නිත්‍යානුකුල කර ගැනිමට කරන එකම නිළ ලාංජනය ලෙස ඔවුන් කටයුතු කළේ කුමණ හෝ දේශපාලුවෙකු පසුපස ගොස් ඊට විදුලිය, නළ ජලය ලබා ගැනිමයි.
එහෙත් දැන් ඒ ගංගා ,ඔයවල්, ඇළවල් වසමින් ඉදිකර තිබු අනවසර ගොඩනැගිළි බොහොමයක් මුහුදට ගසා ගෙන ගොස් අවසන්ය. නැතහොත් බාගයක් කඩා ගෙන ගොස්ය.එහෙමත් නැතිනම් ගගට එල්ලේමින් අනාරක්ෂිතව පවතියි.එම නිසා දිට්වා ආශිර්වාදයක් කරගෙන නැවත් එවා ඉදිකිරිමට අවසර ලබා නොදිම නිලදාරින්ගේ වගකිමය.ඒ සදහා අවහ්‍ය නිතී ඕනැතරම් අනපනත් එම ආයකන සතුව තිබෙි.මිට පෙර මෙන් එම අනවසර ඉදිකිරිම කළ පුද්ගලයන් රැකිමට ලියුම් දෙන්න ආණ්ඩුවේ දේශපාලුවෙි නැතැයි අප විශ්වාශ කරන නිසාවෙිනි.එසේ කරන එවුන් සිටිය හොත් ඔවුන් ගැන හෙළි කිරිමටත් අප පසුබට නොවෙමු.මොකද මෙිවන විටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර ඇත්තේ අනවසර ඉදිකිරිම්වලට විදුලිය ලබා නොදෙන ලෙසටයි.එම නිසා අපි දැන්වත් පටන් ගමු දිට්ටාගේන්.

