ස්ත්‍රි දුෂක බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක ජගත්ගේ වැදි බන

බන්ධනාගාර තදබදය නැති කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා එහි නියෝජ්‍ය කොමසාරිස් ජගත් වීරසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.
රට තුළ පිහිටි බන්ධනාගාර 36 තුළ රැඳවියන් 10500ක් රඳවා තැබිය හැකි නමුත් ⁣මේ වන විට ඒවායේ 36000ක් රඳවා සිටින බවත් එම සමස්ත සංඛ්‍යාවෙන් සියයට 65 ක් මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බවද මෙහිදී ඔහු අනාවරණය කරන ලදී.
කෙසේ වෙතත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්ධනය කළ හැක්කේ එල්ලා මැරීමෙන් පමණක් බව බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස්‍වරයාගේ අදහසයි.මේ නිළධාරියා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයාද වේ.
වරදකරුවන් එල්ලා මැරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සහතික කර තිබියදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ ගේ මේ පැනලා දීම සිය කොමසාරිස් ධුරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට මිස වෙන දෙයක් නොවන බව දන්නෝ දනී.
නියෝජ්‍ය කොමසාරිස් ⁣ජගත් වීරසිංහගේ පැටිකිරිය හාරා අවුස්සා බලන අයෙකුට ඔහුගේ දූෂිත කෙරුවාව ගැන අනාවරණය කර ගත හැකිය.
ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් තනතුරු වලට පත් කරන විට අමු මෝල් ආකාරයට කටයුතු කරන බවට හොඳම උදාහරණය මේ නියෝජ්‍ය කොමසාරිස් ජගත් වීරසිංහය.⁣බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තනතුර වැනි වගකිව යුතු තනතුරකට පත් කරන විට ආණ්ඩුවේ බලධරයන් අඩුම ගානේ ජාතික බුද්ධි සේවාවෙන් නිශ්කාෂණ වාර්තාව වත් කැඳවන්නේ නැති බව පැහැදිලිය.එසේ නැති නම් ජගත් වීරසිංහ මාලිමා ලොක්කන්⁣ගේ ඇට මිරිකීම ඉතා හොඳට කර තිබේ.බන්ධනාගාරය පාලනය කරන අධිකරණ ඇමති අවස්ථා ගණනාවකදී හත් පොලේ ගාගත්තේය.මෙවැනි මොන්ටිසෝරි ඇමතියෙකු ගොනාට ඇන්දීමට ජගත් වීරසිංහ වැනි පළපුරුදු තක්කඩියෙකුට කජු කන වැඩකි.
ජගත් වීරසිංහ රාජ්‍ය සේවයට බැඳෙන්නේ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසය.එහිදී ඔහු කාන්තාවක දූෂණය කිරීමේ වරදට පොලිස් දෙපාර්මේන්තුවෙන් නෙරපා හරින්නේය.රාජ්‍ය සේවාවෙන් නෙරපා හැරිය අයෙකුට නැවත රාජ්‍ය සේවයට එක්වීමට නොහැකිය.එහෙත් ජගත් වීරසිංහ ව්‍යාජ කූඨ ලේඛන ඉදිරිපත් කරමින් බන්ධනාගාරයේ ජේලර් වරයකු ලෙස සේවයට එක් වේ.එහිදී ඔහු සම්බන්ධයෙන්‍ ඉදිරිපත් ⁣කරන ලද ජාතික බුද්ධි සේවා වාර්තා පවා සාවද්‍ය ලෙස ඉදිරිපත් කෙරිණි.ඒ වන විට ගාල්ල ජාතික බුද්ධි සේවා ඒකකයේ ස්ථානාධිපතිවරයා වූයේ ජගත් වීරසිංහගේ පියාය.ඒ නිසා ඉහින් බහින කරදරයක් නොමැතිව ජගත් වීරසිංහ⁣ට බන්ධනාගාරයේ ජේලර් වරයකු වීමට හැකි විය.
මේ නොසන්ඩාලයා ජේලර් වරයකු ලෙස සේවය කරමින් සිටියදී නැවත ස්ත්‍රී දූෂණයට වරද කරු විය.ඉන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ⁣දේශපාලඥයන් පිටිපස ගිය ජගත් වීරසිංහ පොදු ජන පෙරමුණු රජයේ ගාල්ල දිස්ත්‍රික් ⁣පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සමගද සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තේය.
අනතුරුව ඔහු සජින් වාස් ගේ මාර්ගයෙන් ඒ වන විට අහිමිව තිබු බන්ධනාගා⁣රයේ රැකියාව නැවත ලබා ගත්තේය.එහිදී ඔහු රැකියාව ලබා ගත්තා පමණක් නොව රැකියාව අහිමිව පැවැති කාලයට අදාල වන පරිදි උසස්වීම්ද ලබා ගත්තේය.
අනතුරුව ගාල්ල බන්ධනාගාරයේ අධිකාරී වරයා වූ ජගත් වීරසිංහ එහිදී බන්ධනාගාර ගත කර සිටි පාතාල ක්‍රියා කාරිකයකු වු පොඩි ලැසී සමග සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තේය.පොඩි ලැසීගේ හිර ගෙදර සිට සිදු කළ හොරොයින් ජාවාරමේ මුදල් තොග ගානට තැන්පත් කෙරුවේ ජගත් වීරසිංහගේ ගිණුම් වලය.මේ දූෂිත ගනුදෙණුවට ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වූ ජයරත්න විරුද්ධ විය.ඔහු දිගින් දිගටම බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහට එරෙහිව සිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දේශපාලන අධිකාරිය ලිඛිතව දැනුවත් කිරීම්වල යෙදුනි.එහෙත් එහි අවසානය වූයේ ප්‍රධාන ජේලර් ජයරත්න ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීමය.බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ සිය ගැලවීම සඳහා පොඩි ලැසී ගේ ගෝලයන් ලවා ප්‍රධාන ජේලර් ජයරත්න ඝාතනය කෙරුවේය.
එපමනක්ද නොවේ එම අපරාධය එවකට ආණ්ඩුවේ බලධරයන් මඟින් යටපත් කරවීමටද ජගත් වීරසිංහට හැකි විය.ප්‍රධාන ජේලර් ඝාතනය කරවන ලද්දේ ජගත් වීරසිංහ බව ඒ දින වල මාධ්‍ය වාර්තා පවා පල කෙරිණි.ඒ දිනවල බන්ධනාගාර අධිකාරී වූයේද වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ධනසිංහය.මේ ධනසිංහ බන්ධනාගාර කොමසාරිස්ධුරය සඳහා එවකට සිටි අධිකරණ ඇමතිවරයාට නිර්දේශ කරන ලද්දේ සජින් වාස් ගුණවර්ධනය.ඒ සජින් වාස් හා පැවති අම්බලන්ගොඩ ඥාති සම්‍බන්ධතා මතය.
ජගත් වීරසිංහ වැනි සුදු කර පටි සාහසික අපරාධකරුවෙකු ගේ ජාවාරම් කාර කෙරුවාව ⁣මාලිමාවේ කෙරුම්කාරයන්ට කැතක් ⁣නැති වූයේ මක් නිසාද යන්න ගැන අපට අදහසක් නැත.එසේ නැති නම් රාජ්‍ය සේවයෙන් නෙරපා හැරුණ ස්ත්‍රී දූෂකයෙකු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරගන්නේ හා ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කකු ලෙස හුරතල් කරමින් ඉන්⁣⁣නේ කාගේ අවශ්‍යතාවකටද යන්න සොයා බැලිය යුතුය.
ජගත් වීරසිංහ අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය.මොහු හා අධ්‍යාපනය හැදෑරූ සියළුම දෙනා මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් අවුරුදු ගාණක් ගෙවී⁣ ගොසිනි.එහෙත් ජගත් වීරසිංහගේ උප්පැන්නය තවම තරුණය.ඒ විශේෂ කාර්ය බලකායෙන් නෙරපා හරින ලද ජගත් වීරසිංහ බන්ධනාගාර ජේලර් කම⁣ට ඒමට නැවත ඉපදීම නිසාය.
ජගත් වීරසිංහගේ වත්කම ඉතා කෙටි කාලයක් තුළ කෝටි ගණනින් ඉහල ⁣ගියේ පොඩි ලැසීට පින් සිද්ධ වෙන්ටය.ඒ බව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හැම කෙනාම දනීයි.ඒ බව නොදන්‍නේ ජාජබ ආණ්ඩුවේ කයිවාරු කෙරුම්කාරයන් පමණි.ජනපති අනුර සහෝදරයාට මේ දූෂිතයන් ගැන සොයන්නට වෙලාවක් නැති බව අපි දනිමු.මේ ආණ්ඩුව බලයට පත් වීමට ⁣පෙර බොහෝ දෙනා සිතා සිටියේ පැලවත්ත ජවිපෙ කාර්යාලය තුළ රජයේ කාර්යාල වල කෙරුවාවන් සොයන හොඳ බුද්ධි සේවාවක් ඇති බවය.ඒත් ජාජබ ආණ්ඩුව මේ වන විට රජයේ වගකිව යුතු තානාන්තර වලට පට්ට දූෂිතයන් පත් කරමින් සිටින ආකාරය පෙනෙන විට පැලවත්තේ රෙදි ගැලවෙන බව පෙනී යයි.ඒ මෙතරම් කාලයක් මේ රටේ ආණ්ඩු කරන ලද කිසිම ආණ්ඩුවක් මේ තරමට බාල්දු වී නැති නිසාය.ඒ නිසාම ජගත් වීරසිංහ වැනි බරපතල ගණයේ අපරාධකරු වෙකුට මත්‍ද්‍රව්‍ය ජාවාරම්කාරයන් එල්ලා මැරිය යුතුය වැනි ආතල් කයිවාරු ගසමින් වැජඹෙන්නට ඉඩ හසර සැලසී තිබේ.
ජාජබ ආණ්ඩුව බලයට පත් වීමට පෙර පොළව පස් කෑවේ දූෂිතයන් වැලිකඩ හිරගෙදරට දක්කන බවට දහ අතේ දිවුරමිනි.ඒත් දැන් සිද්ධ වෙමින් තිබෙන්නේ එහි විරුද්ධාර්තය බව තහවුරු වෙමින් තිබේ.අප මේ ලියා තිබෙන තොරතුරු සත්‍යයද අසත්‍යයද යන්න සොයා බැලීමට ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට පුළුවන්ය.
(විශේෂ ලිවුම්කරුවෙකු විද්‍යුත් තැපැලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *