මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලවරණයට ඉදිරිපත්ව සිටින සංඛ්‍යාව මේ වන විට 07 දෙනෙක් දක්වා වැඩිවී තිබේ.ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාළිගාවේ උඩ ගබඩා නිළමෙ ධූරය දැරූ මඩුගල්ලේ නිළමේ ( දිසාව) තුමාගේ ඥාතී වරයෙකු බව පවසමින් හමුදාවේ හිටපු මේජර් වරයෙක්ද ,දියවඩන නිළමෙ තනතුරට තමන් ඉදිරිපත් වන බව පවසමින් රට වටේ යයි.
ඇතැමුන් මෙම ධූරයට ඉදිරිපත්වන බව පවසමින් විදෙස් රටවල තම තමන් දන්නා පාර්ශවයන්ගෙන් රුපියල් ලක්ෂ ගනනින් මුදල් එක් රැස් කරමින් සිටිති.
ලංකාවේ ලොකුම පහසුකම් සහිත භික්ෂූ රෝහල මහනුවර ඉදිකරන බව පවසමින් ඇතැම් දියවඩන නිළමේ අපේක්ෂකයන් ෆේස්බුක් මාධ්‍ය හරහා මහා පරිමාණ මුදල් එකතු කිරීමේ කටයුත්තකද යෙදී සිටියි.
තමන් දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරයට පත්වුවහොත් අන්‍ය ආගමික ප්‍රජාවද දළදා මාළිගාවට සම්බන්ධ කර ගන්නා බවත් ,තමන්ට විහාර දේවාල ගම් පණත වැඩක් නැතිබවත් ,තමන්ට මෙමනිලවරණයට ඉදිරිපත් වන ලෙසතම හිතවතුන් කල ඉල්ලීම නිසාත් ,ඒ සඳහා අත දිගහැර මුදල් වියදම් කරන්නේ එම පිරිස බව මහචාර්ය වරයෙකු වන අපේක්ෂකයා පවසයි.
මෙම නිලවරණය මුදල් ඉපයීමේ ජාවාරමක් බවට ඇතැම් දියවඩන නිළමේ අපේක්ෂකයන්ට හොඳ ඉල්ලමක් වී තිබේ.
සමහර අපේක්ෂකයන්ට විදෙස් රටවල ව්‍යාපාරික මිතුරන් විසින් මුදල් ලබාදෙන බව එම අපේක්ෂකයන් ප්‍රසිද්ධියේම පවසයි.
නොවැම්බර් 07 වන දින පස්වරු 2 ;00 ට මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසළ සෙංකඩගල එක්සත් බෞද්ධ මන්දිරයේදි දියවඩන නිළමේ පත් කර ගැනීමේ නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි.
ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ද මෙම නිලවරණයට එක්වසිටිති. යන එන මං නැති කිසිදු ආර්ථිකශක්තියක් නොමැති සිය ව්‍යාපාර බංකොලොත් වූවන්ද නිලවරණයට ඉදිරිපත් වී සිටිති.ඊට අමතරව හිටපු දියවඩන නිළමෙලාගේ සමීප ඥාතීන්ද සිටිති.
තමන්ට ඉන්නට ස්ථීර නිවසක් මහනුවර නැති ඇතැම් අපේක්ෂකයන් මහල් සහිත අංග සම්පූර්ණ වෛද්‍ය උපකරණ සහිත භික්ෂූ රෝහල් හදන්නේ කෙසේදැයි මහා සංඝයා වහන්සේලාද ප්‍රශ්ණ කරති. බොරු පොරොන්දු දෙමින් රට වටේ යන ඇතැම් අපේක්ෂකයන් දළදා මාළිගාවේ දිවඩන නිළමේ තනතුර සඳහා පත්වන ප්‍රභූ වරයාට එලෙස පත්වීමට ජන්දය දෙන පාර්ශවයන් සිටින ඉසව්වක් පවා නොදැන විහාරස්ථාන වලට ගොස් බුලත් දී ,තමන් දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය ලබා ගැනීමට ඉදිරිපත් වන බව පවසති. තමන් දියවඩන නිළමේ ධූරයට පත්වුවහොත් දළදා මාළිලාවේ සඟවා වන්දනා මාන කිරීමට තිබෙන දළදා වහන්සේත් නිරාවරණය කර මහ ජනතාවට නිතර දෙවේලේ වඳින්නට අවස්ථාව ලබාදෙන බවට තවත් අපේක්ෂකයෙක් වහසි බස් දොඩවමින් යයි.ඔහු පවසන්නේ දළදා මාළිගාවේ සඟවන්නට දෙයක් නැති බවයි.විහාර දේවාල ගම් පණත තමන්ට අවැසි නැති බවද එම අපේක්ෂකයා ප්‍රසිද්ධියේ පවසයි.දියවඩන නිළමේ පොරය මේ වනවිට දේශපාළනඥයන්ගේ මැතිවරණ පොරයටත් වඩා ප්‍රබල වී තිබේ

