ඉහළම නිලධාරියාගේ නිල වාහනෙන් ඇඹේනියට  ට්‍රාන්ස්පෝර්ට්

සිස්ටම් චේන්ජ් කරන්නට  මහනුවර  දිස්ත්‍රික්කයේ ලක්ෂ  ගානක් වූ ජන්ද දායකයන්  පාර්ලිමේන්තුවට නමයක් තෝරාපත් කරන ලද්දේ සැබැවින්ම පරණ දේවල් අසන්නට දකින්නට නොවේ .සිස්ටම් චේන්ජ් එකෙන් පසු මාළිමාවේඉහළම  බල අධිකාරියේ පිහිටෙන් මහනුවර  ඉහළම තනතුරකට පත්වූ රාජ්‍ය නිලධාරියෙක්  ජනතා මුදලින් නඩත්තු වන අතිසුපිරි රිය  ,එතුමාගේ ඇඹේනියගේ පාසැල් ගමනට යොදා ගෙන. ඇය සේවය  කරන මහනුවර සුපිරි බාළිකාවේ කාර්යාලයේ දොරකඩටම මේ රියයෙන් ඇරලවන්නත් ආපහු ගෙන්නත් යනවාලු.

මේවා වෙනස් විය යුතු බව පවසමින් ලක්ෂ ගනනින්  මනාප දුන් මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් මේවිගඩම්  දැක   කම්මුලේ අත තියාගෙනලු. නිවසේ සිට කිලෝ මීටරයක්  ඇති  විදුහලට මහජන මුදලින් නඩත්තු වන  රජයේ ඉහළම නිලධාරියාගේ නිල රිය විදුහලේ  කාර්යාල  ඔලුවස්ස ලඟ නතර  වෙනවලු..

මේවා වෙනස් විය යුතු නෙවේද.මේ වැඩේට සුළු අවවාදයක් කල විදුහල්පතිනියට එරෙහිව මාළිමාවේ  වහල්ලු මේ දවස්වල ලොකු සටනකලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *