පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මත්ද්‍රව්‍ය විකුණයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශය ආරම්භ වන්නේ 1983 න් පසුව රටපුරා ව්‍යාප්ත වූ හෙරෝයින් මත්ද්‍රව්‍ය වසංගතයට පිළියමක් ලෙසණි. ඊට පෙර ලංකාව පුරා සිටි අබිං මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට ලංකාවේ ලියාපදිංචි තෝරාගත් අයුර්වේද සහ ෆාර්මසි වලින් සලාක ක්‍රමයට අබිං ලබාදෙන ක්‍රමයක්ද ක්‍රියාත්මක වී ඇත.

1983 න් පසුව එල්ටීටීඊ සංවිධානය විසින් මෙරට හෙරෝයින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරන්නට විය. එකල ඒ සදහා කොළඹ සිටියේ ද්‍රවිඩ සම්භවයක් ඇති අයගේ සහය ඔවුන් ලබා ගත් අතර මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් කොම්පඤ්ඤ වීදිය , මාලිගාවත්ත , ජම්පටාවීදිය හා තොටලග ආදී ප්‍රදේශයන්හි සිටියේය. එකල මත්ද්‍රව්‍ය ජාවරාරම්කරුවන්ට අඩු වැඩි වශයෙන් පොලිස් ස්ථාන වලට අනුයුක්ත නිළධාරින්ගේ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ සහය ලැබුනද එකල මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඍජුවම සම්බන්ද නිළධාරින් පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටියේ නැත.

නමුත් අද තත්වය 100% ක්ම වෙනස්‍ ය. මෑතදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිට සහ අධ්‍යක්ෂකට ස්ථාන මාරුවීම් ලබා දී තිබුණි. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දෙවුන්දර දෙහිබාලේ නොහොත් ගිහාන් සත්සර සමග ඍජු සම්බන්දතා පැවත්වීම නිසාය. අධ්‍යක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිණීමැරුම නඩුකීපයක චූදිතයකු වන දැනට විදෙස් ගතව සිටින උණාකූරුවේ සාන්තගේ ලේ ඥාති සොහොයුරා වීම නිසාය.  ඒ වෙනුවට ආදේශ කල නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂකවරයා නම් කර ඇත්තේ මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නත් ,උපදේශක විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීර යන දෙදෙනා විසින්‍ ය. 

රණවීර යනු තාජුදීන් රිය අණතුරකින් මිය ගිය බවට අධිකරණය වෙත රහස්‍ වාර්ථාවක් ඉදිරිපත් කර මිණීමරුවන් බේරාගත් පුද්ලයාසේම කැස්බෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු ව නියෝජනය කල හිටපු සභාපති සුමණ රණවීරගේ වැඩිමහල් සොහොයුරා සේම හිටපු අමාත්‍යා ගාමිණීලොකුගේ ගේ ඥාති පුත්‍රයාය . ඉතින් ඔවුන් වැඩ කරන්නේ කාටද කුමක් සදහාද කියා තීරණය කිරීම කියවන ඔබට බාර කරමි.

ආදේශක නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ටොප් බඩුවකි. ඔහුගේ එකකුස උපන් සහෝදරයා උපුල් නිලන්ත ධර්මසේනය. අකුරම්බොඩ මාතලේ පදිංචි ඔහුව 2016,2018 සහ 2021 වසර වලදී මහවෙල පොලිස්ථානය මගින් අත් අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ජාවාරම යන චෝදනාවට වරදකරු වුවහොත් දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණීය දණ්ඩනය හිමි වන්නේය. එවැනි පසුබිමක් ඇති අයකු රටේම මත්ද්‍රව්‍ය අල්ලන තැන ඩීඅයිජී ය.

 තව කතන්දර කීපයක් ඇත. ඩීඅයිජී අශෝක ධර්මසේනව ගොනාට අන්ඳවා ගෙන කොළඹ නීතී විරෝධී සිගරට් සහ විස්කි ජාවාරම කරන සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න ගැනය. ඔහු පොලීසියට සම්බන්ද වන්නේ උපසේවා උපපොලිස් පරීක්ෂක වරයෙකු ලෙසය. එසේත් නැත්නම් ආර්එස්අයි කෙනෙකු ලෙසය. මහින්ද රාජපක්ෂ දේශපාලන උවමනාව මත උපසේවා නිළධාරින් කිසිදු වගවිභාගයකින් තොරව 2005 වසරේ දී නිත්‍ය සේවයට අන්තර් ග්‍රහනය කිරීම ඔහු  නිත්‍ය සේවයට පැමිණි අයෙකි.

2019 කාළයේ ඔහු සිටියේ කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති ලෙසය. එම කාළයේදී එම පොලිස් ස්ථානයේ සෙහානි හර්ෂනී නම් කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් සේවයේ යෙදී සිටි අතර ඇය විවාහ වී සිටියේ ගුවන්හමුදා සෙබලකු සමගය. ධම්මික සේනාරත්න ඇයව තම අනියම් බිරිඳ ලෙසට තබා ගැනීම ගැන එවකට කොළඹ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පතිනායක වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර එය විභාග කරන විට නියෝජ්‍ය පොලිස්පති පතිනායක ලග දණින් වැටී තම සොහොයුරා බේරාදෙන ලෙස ඉල්ලා සිටියේ ධම්මිකගේ සොහොයුරා වන ජාලිය සේනාරත්නය. ජාලිය සේනාරත්න එවකට පොලිස් අධිකාරී ලෙස සිටි අතර ඔහුද පොලිස් උපසේවයට බැඳී පොලීසියට සම්බන්ද වූ අයෙකි. දැනට ඔහු නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ය. දන්නා කාළයේ සිට ඔහු කැළණි පාලමෙන් එහාට ගොස් පොලිස් රාජකාරියක් කර නැත.  ධම්මික සේනාරත්නට එරෙහි අපකීර්තිදාකය හැසිරීම පිළිබදව නියෝජ්‍ය පොලිස්පති පතිනායක විසින් කරන ලද පරීක්ෂණය යට ගැසීමේ ප්‍රතිපලයක් ලෙසට ධම්මික සේනාරත්න සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් වීම ලැබිය. එය ලබා ගැනීම සදහා ජාලිය සේනාරත්න දේශපාළුවන් සොය සොයා ගොස් වැන්දේය. ධමිමික සේනාරත්න යනු ගැහැණු සොඩෙකි. ඔහු දැන් කෙළ හලමින් සිටින්නේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට අලුතින්ම පැමිණි කන්තා සහකාර පොලිස් අධිකාරිවරියකටය.

ධම්මික සේනාරත්නගේ පඩිපත පරීක්ෂා කලේ නම් ඔහුට ලැබෙන මුදල ජීවත් වීමට සෑහේද යන්න ප්‍රශ්නයකි. නමුත් ඔහු ජීවත්වීම සදහා මුදල් උපයන්නේ වෙනස් ක්‍රමයකටය.

ඒ මත්ද්‍රව්‍ය වැටලීම් යාමට පෙර අදාල නිලධාරීන් යන ස්ථාන පිලිබඳව සීසීටීවී ඒකකයේ පොලිස් පරීක්ෂක පැතුමට දැනුම් දෙන අතර පැතුම් අදාල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට ඍජුවම කතාකොට මුදල් ලබාගෙන ධම්මික සේනාරත්න ගේ කොටස එවීමය. ඊට අමතරව ඔහු නිළධාරින්ට උපදෙස්දී ඇත්තේ නීතිවිරෝධී සිගරට් අත් අඩංගුවට නොගන්නා ලෙසය. එයට හේතුවී ඇත්තේ ඔහු කෙසෙල්ත්ත පොලීසියේ ස්ථානාධිපති ලෙස සිටින කාළයේ සිට නීති විරෝධී සිගරට් ජාවාරම සිදුකරන පොට්ට නවුෆර් ගේ ගෝලයන් සමග ඇති සම්භන්දතාවය නිසාය.

 දැන් මත්ද්‍රව්‍ය කාර්යාංශය නීති විරෝධී සිගරට් අල්ලන්නේ නැත. ඒ නිසා ජාවාරම්කරුවන් ධම්මික සේනාරත්න අය බදු පැහැර හැරීමකින් තොරව ගෙවන්නේය. කොළඹ බොහෝ රාත්‍රී සමාජ ශාලා වල විකුණනු ලබන්නේ තීරු බදු රහිතව කොළඹ වරායෙන් මිලදී ගත් විදේශීය මත්පැන් ය. ඒවායේ ප්‍රධාන සැපයුම්කරු සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න ය.

2002 වසරේ මිලේනියම් සිටි හිදී සිදුවූ ආකාරයේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යශයේ බුද්ධි අංශ නිලධාරීන්ව ලෝක මාධ්‍ය වෙත මෙම නිළධාරියා විසින් හෙළිදරව් කරන ලදි. දැනට සතියකට පෙරදී නාවික හමුදාව මගින් දකුණු මුහුදේදී අත් අඩංගුවට ගත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 53 ක ප්‍රමාණය බාර ගැනීම සදහා යවා තිබුනේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයේ බුද්ධි අංශ නිළධාරින්ය .මාධ්‍ය හරහා ඔවුන්ව ලෝකයටම නිරාවරණය කළේය. එම නිළධාරින්ට  ඉදිරියේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වීම නොවැලැක්විය හැකි කරුණකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වත්මන් නියෝජ්‍ය පොලිස්පතිට එරෙජිව නැගී ඇති චෝදනා සමනය කර ගැනීමට පොලිස් රාජකාරී පැහැර හැරීම නිසා සේවයෙන් පහකල කිසිම විනයක් නැති විමල් ජයසේකර නම් අයට මුදල් දී ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනට සුදුහුණු ගෑමේ ව්‍යාපෘතියක් ආරම්භ ඇත. එම වැඩ සටහන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වට්ස් අප් සමූහයට ධම්මික සේනාරත්න විසින් උඩුගත ( upload) කර ඇත. පසුගිය 26/10/2025 දින හිටපු අධ්‍යක්ෂක හේමාල් ප්‍රසාන්තගේ පියාගේ අවමඟුල සදහා මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් කේඩීඑච් රථයෙන් ධම්මික සේනාරත්න සමග නිළධාරින්ට කන්ඩායකමක් සහභාගී විය. අවසන් කටයුතු අවසන් වීමට පෙර අවමඟුල් නිවසින් බැහැරට ආ කන්ඩායම කෙලින්ම ගොස් තිබුනේ කොටවිල උප ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයසිංහ විසින් සූදානම් කර තිබූ මත්පැන් සාදයකටය.

උපපොලිස් පරීක්ෂක ජයසිංහ යනු තම ආධුනික සේවා කාළයේදී විවාහ වූ නිළධාරියෙකි. එම වරදට ඔහු සේවයෙන් පහකරන ලදි. ඔහුව නැවත සේවයේ පිහිටුවීම සදහාම ගෝඨාභය රාජපක්ෂ පාලන කාළයේදී විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල අතර එහි අන්තර්ගතය වූයේ ආධුනික සේවා කාළයේදී විවාහවී සේවයෙන් පහකර ඇති නිළධාරින්ට නැවත සේවයේ පිහිටුවීම සදහා අභියාචනා ඉදිරිපත් කරන ලෙසට.

එවකට ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ ගේ මැදිහත් වීම මත අදාල ගැසට් නිවේදනය ප්‍රකාරව උපපොලිස් පරීක්ෂක ජයසිංහ කරන ලද ඉල්ලීම අනුව ඔහුව නැවත සේවයේ පිහිටුවා අදාළ ගැසට් නිවේදනය අවලංගු කරඇත. වත්මන් පොලිස්පතිවරයා මේ ගැන හොඳින්ම දැන්ගෙනත් උපපොලිස් පරීක්ෂක ජයසිංහව කොටවිල උපඒකකයේ රඳවා ඇත්තේ පොලිස් අමාත්‍යාංශයේ කාගේ උවමනාවක් මතද යන්න රටට පැහැදිලියි කලයුතුව ඇත. මෙම කොටවිල උප ඒකකයේ නිළධාරින්ට ඩුබායි සිට මුදල් රුපියල් මිලියන ගනනින් ගෙවනු ලබන අතර ඔවුන්ගේ කාර්බාරය වී ඇත්තේ කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් දකුණේ මෙහෙයුමක් කරන්නේ නම් ඒ ගැන පෙර දැනුම් දීමක් උණාකූරුවේ සාන්ත වෙත ඍජුවම දැනුම් දීමය. ජයසිංහ ගේ හොඳම ගෝලයා පොලිස් කොස්තාපල් ප්‍රියංකර ය.

මේ කරුණු පිලිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරින් කොතෙක් දැනුවත් කලද ඒවා බීරි අලින්ට වීණා වයනවා සේය. ඔවුන් එම පුටුවල සිටින්නේ ඔවුන්ගේ  නඩු බේරා ගැනීමට මිස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිහිනය සැබෑ කිරීමට නොවේ. ඔවුන් සියළුම දෙනා හිටපු උසස් පොලිස් නිළධාරින්ය ඔවුන් පොලීසිය ගැන දන්නේ නැතිද? හොදින් දනී ඔවුන්ගේ පුද්ගලික වාසි සපුරා ගනිමින් සිටිනවා මිස රට ගැන හැගීමක් ඔවුනට නැත. ඔවුන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ නම් කොස්ගොඩ සුජීගේ අයියා කොළඹ ඩීඅයිජී වෙන්නේ නැත. කොස්ගොඩ සුජීගේ නෑනා පොලිස් නිළධාරින්ට මාරුවීම් ලබාදෙන අංශයේ ලොක්කී වෙන්නේ නැත.උපුල් අයියාට  මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම පිලිබඳව නඩු වැලක් තියෙද්දී මල්ලී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඩීඅයිජී වෙන්නේ නැත. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුයේ දත් 4 ක් කැඩෙන්න ගැසූ දැනට සිරදඩුවම් විඳිය යුතු එකෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වෙන්නේ නැත. සාෆී නාඩගම නටා ජාති වාදය වපුරා කෝටි ගනන් මුදල් උපයා රට වටේම ව්‍යාපාර කරමින් සිටින  දකුණු පලාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වන්නේ නැත. ආන්ඩුව ආ විගස දොස්තර සාෆිව පොලිස් අමාත්‍යාංශයට ගෙන්වා ජනමාධ්‍ය හරහා ලොකු ප්‍රසිද්ධියක් දී ඔහුගෙන් බාරගත් පෙත්සම විභාග කිරීම වෙනුවට පොලිස්පති ගේ හමස් පෙට්ටියට වැටෙන්නේ නැත.

තව කතා බොහොමයකි රට පුරා පුනරුදයේ කුඩු අයිස් බෙදීමට අනුග්‍රහය ලබා දෙන අයුරු නුදුරේදීම හෙළිදරව් කරිරමට කටයුතු කෙරේ.

(ජාතික බුද්ධි සේවයේ නිළධාරියකු විසින් විද්‍යුත් තෑපලට එවන ලද්දකි).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *