කඩුවෙල හිටපු පොලිස් ස්ථානාධිපති කාන් කියන කථාව හා ඊට පිළිතුරු

” ස්ථාධිපතිවරයා ස්ථාන මාරුවි යන කොට කඩුවෙල පොලිසියට පරිත්‍යාග ලෙස ලැබුණු බඩු රැසක් රැගෙන ගිහින්” මැයෙන් පසුගියදා අප පළ කළ පුවත සමිබන්ධයෙන් කඩුවෙල හිටපු පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ විසින් කරුණූ පැහැදිළි කරමින් ලිපියක් එවා ඇත.ඒ සදහා ඔහු විසින් කඩුවෙල වෙළද සංගමයේ ලිපියක්ද යොම් කර තිබෙි.


හිටපු ස්ථාධිපතිවරයා ස්ථාන මාරුවිම් ලබා යන විට පොලිස් ස්ථානයට පරිත්‍යාග ලෙස ලැබුණු උපකරණ හා භාණ්ඩ රැසක් රැගෙන ගොස් ඇති බවත් එ අනුව පරිත්‍යාග කර තිබු පුටුව , වායු සමීකරණ යන්ත්‍රය, ජනේල ආවරණ රෙදි ආදිය ඉන් ප්‍රධාන වන බව සදහන් කර තිබිණි.
කෙසේ වෙතත් ඔහු අප වෙත් එවා ඇති ලිපියේ සදහන් වන්නේ එම සියලු උපකරණ සිය පුද්ගලික මුදල්වලට මිලට ගත් ඒවා බවයි.
”මම කඩුවෙල හිටපු OiC.නව කඩුවල පොලිස් ස්ථානයේ ආරම්භක ස්ථානාධිපතිවරයා මමයි.නීතියානුකූලව ස්ථානාධිපතිවරයාට ලැබුණු පුටුව පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ළඟ තියෙනවා.මම අවුරුදු හතරක් හිටපු කාර්යාලයේ සියලුම දේ මම මුදල් යොදවල තමයි සාදා ගත්තේ.කිසිදු ව්‍යාපාරිකයෙක්ගෙන් කිසිදු දෙයක් ලබා ගත්තේ නෑ.” යනුවෙන් එහි සදහන් වේ.
කර්තෘ සටහන
හිටපු ස්ථානාධිපතිවරයා පවසා තිබුනෙ වායුසමීකරණයක් තම පුද්ගලික මුදලින් මිලදිඩගත්බවයි. එසේනම් ඔහු එම මුදල් ඔහු ඉපැයු ආකාරය ඔප්පු කල යුතුය.අපි ඉදිරියේදී අල්ලස් කොමිසම මගින් එම ගැටලුව විසදා ගැනීමට සූදානම්ව සිටින්නෙමු.
අප වෙත ලැබී ඇති තොරතුරු අනුව වායුසමන යන්ත්‍රය සදහා අනුග්‍රාහකයන් දෙදෙනකු සම්බන්ද වී ඇත.
කඩුවෙල සවිරු ෆාම්සි හිමිකරු හා අල් කත්තා හෝටලයේ හිමිකරුවන් ඒ සදහා අනුග්‍රහය දක්වා තිබෙි.
ශ්‍රි ලංකා පොලීසියේ පුද්ගලික මුදලින් වායුසමීකරණයක් සවිකරන හා කාර්යාලයෙ කර්ටන් දමන ස්ථානාධිප්තිවරුන් අප අසා නැත.
මෙම ස්ථානාධිපති කාන් වීරසිංහගේ සියලු තොරතුරු එහි රාජකාරී කල සහෝදර නිළදාරීන්ගේ හඩින්ම අප වෙත එවා ඇත.ඊඨ අමතරව ඔහු කාර්යාලයෙ තිබූ බුදුපිලිමයද රැගෙන ගොස් ඇත.එය ලබා දුන්නෙ සිසිර කොන්ක්‍රීට් හිමිකරුය.නමුත් සිසිර කොන්ක්‍රීට් හිමිකරුගෙන් මේ පිලිබදව විමසුවහොත් ඔහු මුදල් ලබගෙන ලබා දුන්නේයැයි පවසනු නොඅනුමානය.මන්දයත් ඔහු හිටපු පොලිස්පති දේශබන්දු සමග එක්ව නිදන් හෑරු අයෙකු බව කඩුවෙලම දනී.එපමනක් නොව කාන් වීරසිංහගෙ අනියම් බිරිද නවාතැන්ගෙන සිටින්නේද එම නිවසේය.
මේ අතර කාන් විරසිංහ වෙනුවෙන් ලිපියක් ලියූ කඩුවෙල වෙළද සංගමේ සභාපති එසේ කල යුතුමය.මන්ද යත් වෙළද සංගම් නිළවරණයේදී වැඩිම කැමත්ත ඇති සභාපති අපේක්ෂකයා නිළවරණය දිනයේදී කූට ලෙස වත්මන් සභාපති නිශාන්ත ගුරුගේ සමග එක්ව ජන්ද අයිතිය නැතිකලේ කාන් වීරසිංහ බව වෙලද සංගමයේ සියලුම දෙනා දනී.
එමෙන්ම මත්පැන් පානය කර පොලීසියෙන් ගැටලුවක් නැතුව වාහන පැදවිය හැක්කේ මෙම සභාපතිගේ බාර් රෙස්ටුරන්ට් එකෙන් පිටව ගියහොත් පමනක් බව අනෙක් සියලුම රෙස්ටුරන්ට් හිමියෝ ද දනිති.ඒ අනෙක් රෙස්ටුරන්ට් අසල පොලිස් යතුරු පැදිය නිරන්තරයෙන් සැරිසරමින් සිටින බැවිනි.එමෙන්ම ස්ථානාධිපතිවරයාට චීන සංචාරයට වෙළදුන්ගෙන් බලෙන් මුදල් එකතු කලේ මෙම සභාපති වරයාය.ඒ බව සදහන් කල ලිපි අප සතුව ඇත.
මොහුට ස්ථාමාරුවක් ලැබුනේ මීට වසරකට පමන පෙරය.එය වැලක්වූයේ පොලිස් පිරිස් අංශයේ අධ්‍යක්ෂ වරයෙකි.එයට පිදේනි ලෙස කැළණිය ප්‍රදේශයේ නිවසක පැවැත්වූ දානමය පිංකමේ සියලු පිරිවැය දැරුවේ මොහු විසින් බවට අප සතුව සාක්ෂි ඇත.එබැවින් අප කියා සිටින්නේ කාන් වීරසිංහ වන ඔබ විසින් සිදු කරන ඕනෑම අභියෝගයකට අපි සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *