වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන දෙදෙනාට එරෙහිව සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිසින් අපහාස කිරීම සම්බන්දව පොලිස් කොමිෂම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ ගැන සියළුම ජනමාධ්‍ය ආයතන ප්‍රචාරයක් ලබා දුන්නද එහි සත්‍ය සැගවුන කතාව ගැන කීවේ නැත. ඇත්තම හේතුව ඔවුන් ඒ ගැන නොදැනීමයි.
කුරුණෑගල ප්‍රදේශයේ සිටින ප්‍රාදේශිය මාධ්‍යවෙිදියෙකු වන බිමල් රුහුණගේ නම් මාධ්‍ය වේදියා විසින් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් අයුතු ලෙස උපයාගත් මුදල් සහ පොලිස් බලය භාවිතා කරමින් අනුරාධපුර පූජා නගරයේ කුඹුරක් ගොඩකර සාදන ලද හෝටයක් ගැන අනාවරණයක් කළේය. එතකින් නොනැවතුණ ඔහු ඒ පිලිබඳව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක්ද සිදු කළේය. කිත්සිරි ජයලත් එයට ප්‍රතිචාර දැක්වූයේ ඔහු සමග පොලිස් කොස්තාපල් ලෙස බැඳුන දැනට විෂමාචාර ක්‍රියා හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නෙරපා ඇති ගාල්ලේ පදිංචි කිසිදු මාධ්‍ය සදාචාරයක් හෝ විනයක් නැති පුද්ගලික යූ-ටියුබ් නාලිකාවක් පත්වාගෙන යන විමල් ජයසේකර ලවා වැඩ සටහනක් කරමිණි.
බිමල් රුහුණගේද එයට ප්‍රතිචාර දක්වා තිබුණි. ඔය අතරතුර දිනක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සමග බිමල් රුහුණගේ දුරකතන සංවාදයක් කර තිබුණි. බිමල් රුහුණගේද රන්ජන් රාමනායකගේ නිවුන් සහෝදරයාගේ භූමිකාවට පන පොවමින් අදාළ දුරකතන සංවාදය පටිගත කර තිබෙි. ඊට පසු ඔහු කර තිබුනේ එය සමාජ ක්‍රියාකාරියෙකු වන සංජය මහවත්තට ලබා දිමයි.
පසුව එහි සදහන් දුෂණ අක්‍රමිකතාවය සමිබන්දයෙන් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිළි කර තිබෙි.අවසානයේ සිදුව ඇත්තේ අල්ලස්ලකොමිෂමට සිදු කළ එම පැමිණිල්ලට සාක්ෂි ලෙස ලබා දුන් එම හඩපටය පොලිස්පතිවරයා අතට පත්විමයි. එය නිකම්ම සිදුවුයේ නැත.එය සිදුවුයේ අල්ලස් කොම්ෂමේ සේවය කරන පොලිස්පතිවරයාගේ පළමු බිරිද වන ගංගානි හෙයියන්තුඩුව විසින් ලබා දිමයි. අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පුලපුලා කියන්නේ ඕනෑම පැමිණිල්ක් කොමිෂම වෙත ලබා දෙන ලෙසයි.එසේ දුන් පැමිණිළිවල සාක්ෂි චුදිතයා අතරට පත්වන්නේ නම් එහි ඇති විශ්වාශය ගැන රංග දිසානායක මහතා පැහැදිළි කළ යුත්ය.
කෙසේ වෙතත් අදාළ දුරකතන සංවාදය මගින් හෙළිවී ඇති දුෂණ හා අක්‍රමිකථා සහ අයථා ගනුදෙනු පිළිබඳ හෙළිදරව් වෙයි.
අපරාධයක වින්දිතයන් ආරක්ෂා කිරීමේ ඒකකය පවත්වාගෙන යන ගොඩනැගිල්ල පොලිසියට බද්දට ගැනීමේ ක්‍රියාවලිය,මුත්තාර් ප්ලාසා ගොඩනැගිල්ල බද්දට ගැනීමේ ක්‍රියාවලිය සමිබන්ධයෙන් තොරතුරු හෙළි වී ඇත.
ඊඨ අමතරව තත්ත්ව ආරක්ෂණ ඒකකයේ (quality assurance) සාම්පල පරීක්ෂාවෙන් පවා අසමත් ව පොලිස් නිලධාරින් සඳහා බැනියම් 175,000ක්, අඩු ලංසු තැබූ ආයතන අතහැර, වැඩි ලංසු තැබූ ආයතනයකටම ටෙන්ඩරය ලබා දී සැපයුම් අංශ ප්‍රධානී ප්‍රියන්ත චන්ද්‍රසිරි නම් DIG හට බැන තර්ජනය කර දූෂිත ටෙන්ඩර ක්‍රියා පටිපාටියක් මගින් ප්‍රභා ටෙක්ස් ආයතනයෙන් මිලට ගැනීම,(ටෙන්ඩර අංකය – ADE/S1/93/2024 ) LA S 1 290/2083/ 2025 යන ටෙන්ඩරයද තත්ත්ව ආරක්ෂණ ඒකකයෙන් අසමත් කර තිබිය දී ස්ටාර් ටෙක්ස් වෙත බලපෑම් කර ලබා දීමයි .පොලිස්පතිවරයාගේ දොඩම්ගොඩ ඉදිකර ඇති නිවස හැදීමට, බත්තරමුල්ල ඉදිකර ඇති නිවසට, පළමු විවාහයේ දරු දෙදෙනාට නිවාස දෙකක් හැදීමට, ඔහුගේ වැටුපෙන් වියදම් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ .මෙම හඪ පටයෙන් එම කරුණු අණාවරණය කෙරෙයි.
පොලිස්පති විසින් පසුව එය ඔහුගේ අතිජාත මිත්‍ර කිත්සිරි ජයලත්ට ලබා දී ඇත. කිත්සිරි ජයලත් ඔහු පොලිස් කොස්තාපල් කාලයේ ඔහු ගේ බැජා වූ දැනට පොලිස් සේවයෙන් නෙරපා සිටින පොලිස් කොස්තාපල් විමල් ජයසේකරට දී විමල් ජයසේකර ලවා කරුණු 21 කින් යුත් ප්‍රශ්නාවලියක් සමග පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විභාග කිරීමට සීඅයිඩී යට උපදෙස් ලබා දුන් අතර දැනට සති දෙකකට පෙර බිමල් රුහුණගේව සීඅයිඩී යට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තුබූ අතර ඊටපසු මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස් කොමිෂන් සභාවට සහ සීඅයිඩීයට පොලිස්පතිවරයා විශාල මාධ්‍ය ප්‍රචාරයක් කර බාරදුනි.
ඇත්තටම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම හඬ පටය අනුව පොලිස් ප්‍රවර්ධන අංශයේ සිටින කල හොරකම් කරාද? උත්තරය ඔව්.ඔහු අදටත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති ඒකක පවත්වාගෙන යාම සදහා ගොඩනැගිලි සදහා මාසිකව ගෙවන රුපියල් ලක්ෂ දාහකට ආසන්න මුදලින් රුපියල් කෝටියකට අධික මුදලක් කොමිස් වශයෙන් ලබා ගනීයි. ඔහු පොලිස් ප්‍රවර්ධන කොට්ඨාසයේ සේවය කරන යුගයේ කෝටි ගනනින් ලබා ගත් කොමිස් මුදල් නොහොත් කළු සල්ලි සුදු කිරීමට කදිම උපායක් යෙදුවාය. ඒ ඔහුගේ පළමු විවාහක බිරිඳ ගෙන් දික්කසාද වීමයි. එය සිදුකරේ ඔහුගේ පළමු බිරිඳ වන දැනට අල්ලස් කොමිෂන් සභාවේ නීති නිළධාරිනියක් ලෙස සේවය කරන ගංඟානි හෙයියන්තුඩුව සමග එකගතාවයකට පැමිණීමෙන් අනතුරුවය. ඒ නාමිකව දික්කසාද වුවත් කයික සබඳතා පවත්වාගෙන යාම ඔහුට දාව උපන් දියණියන් දෙදෙනාගේ සියළුම අවශ්‍යතා සැපිරීම සහ ඇයගේ සහ දරුවන්ගේ සියළුම ඕනෑ එපාකම් කොන්දේසි විරහිතව සපුරාලීම වැනි කරුණුය.
ඉන්පසුව පොලිස්පතිවරයා කලේ විවාහයක් අත් හැරුන කාන්තාවක් සමග නැවත විවාහ වී තමා ඉපයූ කළු සල්ලි දෙවන විවාහයෙන් දෑවැද්දට ලැබුන මුදල් ලෙස පෙන්වීමයි. පොලිස්පතිවරයා ඉපයූ කළු සල්ලිවලින් සැලකිය යුතු මුදලක් කිත්සිරි ජයලත් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර වලට අයෝජනය කර ඇති බව වාර්ථාවෙි. ඒ නිසා කිත්සිරි ජයලත් සහ පොලිස්පති වරයා අමුඩෙයි පුකයි මෙනි. කිත්සිරි ජයලත්ට එරෙහිව කිසිම පරීක්ෂණ පොලිස්පති වරයා ඉදිරියට ගෙනි යන්නේ නැත. ඒ කිත්සිරි ජයලත්ට කෙළවුනොත් තමාටද කෙළවෙන බව ඉතා හොදින් දන්නා නිසාවෙිනි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට දැන් කලයුතු විශේෂ කාර්යක් පැවරී ඇත. ඒ මෙම පෙත්සමට මූලික වී ඇති සියළුම කරුණු පිළිබදව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමය.එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ දී ඔහුගෙන් සටහන් කර ගන්නා ප්‍රකාශයේදීද ඉල්ලා සිටීමට ඔහුට හැකිය. මෙයට සමගාමීව මෙම හඬ පටයේ ඇති කරුණු සනාථ කිරීම සදහා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇත.
වත්මන් පොලිස්පති වරයා නිවැරදි පුද්ගලයකු නම් කලයුතුව ඇත්තේ ඔහුගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීම සදහා අදාල හඩ පටය හරහා කියා ඇතිදේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසට ආණ්ඩුවෙන් සහ පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටීමය. අතීසාරය අමුඩේ ගසා නතර කිරීමට බැරිබව නීතීඥයකු වූ වත්නම් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නොදන්නවාට රටම දනී. අදටත් පොලිස්පතිධූරය හොබවන ඔහු වත්මන් ආණ්ඩුවේ බත්බැල දීනයකු ලෙස කටයුතු කරමින් සිටින බව රටේ බහුතරයක් දනී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනට වසරකට පෙර පොලිස්පති වෙත එවන ලද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව දොස්තර සාෆී විසින් කරන ලද පැමිනිල්ල පිලිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.ඒගැන නිසි ප්‍රශ්න කිරීමක් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නට කොන්දක් නැත.
වෙනත් රටක මෙවැනි තත්වයක් උදා වූයේ නම් පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර ඔහුම ඉල්ලා අස් වෙියි. ලෝකේ කොහේ එසේ උනත් ලංකාවේ එසේ වෙන්නේ නැත. වත්මන් ආන්ඩුවේ ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමති වරුන්ට නගරාධිපතිවරුන්ට එරෙහිව උසාවියේ නඩුය. ඉදිරි අවුරුදු 4 ඉවර වෙනතෙක් ඒ නඩු ඇසෙන්නේ නැත. ඒත් ආන්ඩුවේ දීන බත්බැලයකු වී සිටින පොලිස්පතිට එය අදාල නැත.
( ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි.(සංස්කරණය නොකරන ලෙස කර ඉල්ලිම අනුව පළකර තිබෙි.)

