දෙමටගොඩ චමින්දගේ පුතාට හා රූබන්ට එවු මත්ද්‍රව්‍ය කිලෝ 350 දකුණු මුහුදේ දී අල්ලයි

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්ථාවෙි.
සීදේවී නැමති 0811 දරණ එම බෝට්ටුවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 350 ආසන්න ප්‍රමාණයක් ඇති බව සදහන්වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය රූබන් සහ දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ යන අයට එවා ඇති බව වාර්ථාවෙි.
පාකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හජී අබ්දුල් යන අය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට එවා ඇත.
සීදෙවි 0811 ධීවර යාත්‍රාව පසුගිය ඔක්තෝම්බර්11 වන දින ගාල්ලෙන් මුහුදු ගොස් තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *