මහනුවර මහනගර සභාවෙන් නගරයේ පොදු වැසිකිළි ටෙන්ඩරය ලබාගෙන මාසෙකට රුපියල් කෝටි ගනනක ආදායම් ලබන පුද්ගලයෙක් මහනුවර මහ නගර සභාවට ලක්ෂ 09 ක පොල්ලක් තබා නගර සභවේ ඉහළම නිලයක් දරණ නිලධාරිනියකට අසූචී සහ මූත්‍රා බද්දක් ලෙස ලක්ෂ පණහක කප්පමක් ගෙවා ඇතැයි නගර සභාවේ කථාබහට ලක්ව තිබේ.
මහනුවර මහ නගර සභාවට පොලු තැබූ වැසිකිළි ටෙන්ඩරය ගත්පුද්ගලයා හුරතල් කරන්නේ දේශපාළන බලයෙන් පුටුවට පැමිණි මෙම දූෂිත නිලධාරිනිය බව නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරු , සේවකයන් සහ විපක්ෂ මන්ත්‍රී වරුන්ද පවසති.මෙම දූෂිත නිලධාරිනිය හමුවීමට නගරයේ බදු ගෙවන වැසියෙක් ඇගේ කාර්යාලයට ගියවිට එම පුද්ගලයාගේ හඬට ඇහුම් කන් නොදී ඇය ඔහුව පන්නා දමන්නේ පොලීසිය ගෙන්වා ඇතුලට දමනවායැයි තග දමමිනි.සිස්ටම් මාරු කරන්නට මහනුවර මහ නගර සභාවට බහුතර බලය ලබා දුන් නුවර නගරයේ ජනතාව පවසන්නේ මීට පෙර පැවති පාලනය සහ වත්මන් මාලිමා පාලනයේ වෙනසක් නගර සභාවේ නොදකින බවයි.
මෙම දූෂිත නිලධාරිනියට මාලිමාවේ බොහෝ ප්‍රබලයන්ගේ සහාය ලැබී තිබෙන නිසා ඇය මායම් හැටඅටම පෙන්වා ඇගේ සුපුරුදු ගේම ගහගෙන යන බව මාලිමාවෙ මන්ත්‍රී වරුද පවසති.
නගර සභාවට කෝටි ගනන් පොලු තැබූ ව්‍යාපාරිකයන් නලවන මෙම නිලධාරිනිය එම දූෂිත ගනුදෙනු ලිපි සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නා බව නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරු පවසති.
නගරයේ පවිත්‍රතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර අපිරිසිදු ආහාරපාන අළෙවි කරන හෝටල් සහ දැවැන්ත ආපන ශාලා වලින් මුදල් ගෙවාකන බොන ජනතාව ලෙඩ වෙති. එම්ඕඑච්, පීඑච්අයිල මේ කිසිවක් සොයා නොබලන බවට නගරයේ ජනතාව චෝදනා කරති.
ආණ්ඩුකාරවරයා සහ ආණ්ඩුකාර ලේකම්වරියද මෙම නිලධාරිනිය සමග සමීප සබඳතා පවත්වන බැවින් ඇය තමන් කාටත් බය නැතැයි පවසමින් ,මාධ්‍යවෙිදින්ට තමන්ව මෙල්ල කරන්න බැරි යැයි වහසිබස් දෙඩවන්නීය.

