රාළහාමි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි කීවේ වටගල

ගල්කිස්ස අධිකරණ භූමියේ දී ඇති වූ සිදුවීමේදී මහත් ආන්දෝලනයකට ලක් විය. එහෙත් එහි අතුළාන්තය මේවන තෙක් හෙළි නොවිය. නිතිඥයෙකු සමග ඇතිවු ආරවුලක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු දින දෙකක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරරිණි.එහෙත් එම පොලිස් කොස්තාපල්වරයෙකු අත්ඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න යැයි ඍජුවම පොලීසියට නියෝග කොට තිබුණේ නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගල බව තොරතුරු මේවන විට හෙළිව තිබෙි. ඔහු එසේ නියෝග කරේ ඔහුගේ අතිජාත මිත්‍ර නීතීඥ ගුණරත්න වන්නිනායකගේ ඉල්ලීම අනුවය. ඒ අනුව ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයා වහාම ක්‍රියාත්මක වී ආණ්ඩුවෙන් ලකුණු ලබා ගැනීමට සදහා පොලිස් කොස්තාපල්ව අත්ඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක තුෂාර හට උපදෙස් ලබා දී ඇත. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඒ අනුව ක්‍රියාත්මක විය. පොලිස්පතිවරයාට මෙය ආරංචි වී ගල්කිස්ස පොලීසියට කතා කරන විටත් පොලි කොස්තාපල් වරයා අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්ව තිබූ බවත් නියෝජ්‍ය ඇමතිගේ නියෝගය අභිබවා යාමට නොහැකි නිසා ඔහු නිහඩ වි ඇත.
සියල්ල කණපිට හැරුණේ ඉන් පසුවය. ලංකා ඉතිහාසයේ පලමු වතාවට පොලිස් කොස්තාපල් වරයකු වෙනුවෙන් රටක් හඬ නගන්නට විය. එය දේශපාලන බේදයකින් තොරව සිඳුවීමක් විය. එතෙක් සියල්ල සිදුවීමට ඉඩදී නිහඩව සිටි පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාලට ප්‍රසිද්ධියේ කියන්නට සිඳුවූයේ පොලිස් කොස්තාපල් වෙනුවෙන් පොලීසිය පෙනී සිටින බවයි. වලක් කැපූ විගස නාගන්නට බලා සිටින ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ද මාධ්‍යය ට කීවේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවත් ප්‍රශ්න ගත නීතීඥ වරයාගේ පැටිකිරිය ගැනත්‍ ය.
අවසන් ජනාධිපතිවරණය පැවති 2024 සැප්තැම්බර් 21 සවස වන විටත් වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සිටියේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පරදින පැත්තේය. එසේ පැරදුනොත් සුනිල් වටගල රැක ගැනිමේ වගකිම සජිත් ප්‍රේමදාසගේ නීති උපදේශක ගුණරත්න වන්නිනායක භාර ගෙන තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය පවා දැනුවත්ව සිටියේය. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග 2024 සැප්තැම්බර් 22 සවස සිට සුනිල් වටගල වීරයා විය. එසේ වුවද සුනිල් වටගල සහ ගුණරත්න වන්නිනායක අතර සම්බන්ධ තාවය එසේම පැවතුණි.
මේ වසරේ මුල් කාර්තුවේදී පාස්පෝට් සදාගැනීමට පෝලිම පැවති අවස්ථාවේ දී අළුත්කඩේ උසාවියේ නීතීඥයන්ට හෝ ඔවුන්ගේ සමීපතමයන් ට ගුවන්ගමන් බලපත්‍ර එකක් සාදා ගැනීමට අවශ්‍ය වූයේ නම් ඔවුන් එය කීවේ ගුණරත්න වන්නිනායකට මිස අදාල අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගලට නොවේ. ගුණරත්න වන්නිනායක එම අවශ්‍යතාවය කිසිම ප්‍රමාදයකින් තොරව සුනිල් වටගල ලවා ඉටුකරවා දුන්නේය.
කෙසේ වෙතත් සාමාන්‍යයෙන් කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා දෙන වාචික නියෝග තොරතුරු පොතක සටහන් කිරීම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කරන්නේ නැත. ඒත් එය වරදකි. එයට හේතුව නම් ලබාදී තිබූ නියෝගය වැරදි එකක් නම් එය ඉටුකර අමාරුවේ වැටෙන්නේ ක්‍රියාත්මක කල නිළධාරියා පමණි. ගල්කිස්ස මූලස්ථානය පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාරට වූයේ එයයි. පොලිස් කොස්තාපල්වරයා තමා අත්ඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කලහොත් දැනට ස්ථාන මාරුවීමක් ලබා සිටින ප්‍රපොප තුෂාරට එයටද වරදකරු වීමට සිදුවනු ඇත. එයට පහත සදහන් හේතු බලපානු ඇත.
පොලිස් කොස්තාපල් වරයා අත්ඩංගුවට ගැනීමට පෙර අදල සිදුවීම ගැන විඳිමත් පරීක්ෂණයක් නොකිරීම, අත්ඩංගුවට ගත් පොලිස් කොස්තාපල් වරයා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ නීතීඥ සහයක් ලබා ගැනීමට අවස්ථාව නොදීම, සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර හැකි වරදකට පොලීසිය මගින් ඇප ලබා දීමට හැකියාව තිබියදී එක් පාර්ශ්වයක් පමණක් අත්ඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම යන කරුණු වේ.
අවසානයේ සිඳුවූයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වාහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය සැපයුම් කොට්ඨාසය වෙත ස්ථාන මාරුවීමක් ලැබීමය. දැන් අනීතික ක්‍රියාව කිරීමට අණ දුන් එකෙක් නැත. පොලීසියේ නොව රටේම හැටි එලෙසය. ජයග්‍රහණයට පියවරු දහසක් වුවත් පරාජය අවජාතකය. මෙම සියළුම කරුණු විවෘත අධිකරණයේ දී සනාථ විය. ඒ අනුව මූලස්ථානය පොලිස් පරීක්ෂ වරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී වරද කරු වීමේ වැඩි ප්‍රවනතාවක් ඇත.
මෙම ලිපිය දුටු විඟස සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයා මෙම ලිපිය අරගෙන දුවන්නේ සීඅයිඩී වෙතය. ඒ හැර ඔහුට යාමට වෙන තැනක් නැත. හේතුව සීඅයිඩී යනු වත්මන් මාලිමා රජයේ එක් කොට්ඨාස සභාවකි. එහි අධ්‍යක්ෂකවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී මාලිමාව වෙනුවෙන් ඍජුවම මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීම නිසා විශ්‍රාම ගොස් වසර ගනනාවකට පසුව නැවත නිළ ඇඳුම් දාගත් කෙනෙකි. පුරවැසියන්ට ඍජුවම සීඅයිඩී ය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කලහැකි ආකාරය ගැන වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂක රීලෝඩ් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැහැදිලි කරන්නේ නම් ඉතාමත් හොඳය. පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිල්ල ක් ඉදිරිපත් කල හැකිය.ඒ අනුව පොලිස් මුලස්ථානය සහ සී අයි ඩීය යනු දෙකකි.
කෙසේ වෙතත් අද වන විට සුලු පැමිණිල්ලක් දැමිමට පවා හැමෝම දුවගෙන යනු ලබන්නේ ලගම පොලිසියට නොව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සී අයි ඩීය වෙතය.සීඅයිඩියට හැමෝටම පැමිණිළි අඉදිරිපත් කළ හාකිද?ඒ අනුව ඕනෑම පැමිණිල්ලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ගන්නේද යන්න වැඩි පිරිසක් නොදන්නා කාරණාවකි.
පොලිස්පතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලිපියකට එය ලැබුන බවට හෝ එය කුමන අංශයක් සදහා යොමුකරේද යන්න පිළිබදව තොරතුරක් ලබා ගැනීමට අංජනම් දේවියගේ පිහිට පැතිය යුතුය. පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිවකු පමණක් නොව මෙම ආණ්ඩුවේ කිසිම මැතිඇමතිවරයෙකු ආයතන සංග්‍රහයේ Xviii හි 3.8 වගන්තිය පිලිබඳ දැනුමක් තියා ආයතන සංග්‍රහය කියා එකක් ඇත්දැයි පවා නොදනී.
මෑතකදී පුද්ගලයකු විසින් කූප්ප්‍රකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් තොරතුරු දැන ගැනීම පනත යටතේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි විට පොලිස්පති කර ඇත්තේ අදාල ලිපිය එම කූඨප්‍රකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යැවීමය. පොලිස්පති ද ඒ තරමට වැටිම ගැන කණගාටු විය යුතුය. මෙවැනි සිදුවීම්වලින් පොලිස්පතිවරයාසේම රට හැදීමේ අවංකවම උවමනාවක් ඇති වත්මන් ජනාධිපතිවරයාද අපහසුතාවට පත් වන්නේය.
(විද්‍යුත් තෑපෑලට යොමු කර තිබු ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *