සැප්තැම්බර් 03 දිනය යෙදී ඇති පොලීස් දිනයට සමගාමිව ලබා දිමට යන උසස්වීම් වලින් 2009 වසරට උසස් වීම් ලැබු සැරයන්වරුන්ට අසාධාරණයක් සිදුවන බව ඔවුහු පවසති.
මානව සම්පත් කළමනාකරණ කොට්ඨාශයේ නිරික්ෂන අනුව සැරයන් සිට උප පොලීස් පරීක්ෂක දක්වා පුරප්පාඩු 800 ක් ඇති අතර ඒ පුරප්පාඩු ප්‍රමාණයෙන් 400 ක් නව බදවා ගැනීමට හා සම්මුඛ පරීක්ෂණ පවත්වා උසස් කිරිමට නියමිත බව සදහන්වේ.
ඉතිරි 400 න් දැනට මියගොස් සිටින හා විශ්‍රාම ගොස් සිටින හා විවිධ විශමාචාර ක්‍රියා හේතුවෙන් වැඩ තහනම් කර සිටින සැරයන්වරුන්ට උසස්වීම වෙන් කිරීමෙන් ඉතිරි ප්‍රමාණය අනුව 2009 සැරයන්ලා 599 අතරින් කීප දෙනෙකුට පමණක් උසස්වීම් ලබා දීමට කටයුතු කිරිම සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
පොලීස් සේවයේ වසර 34 ක් හා සැරයන් සේවාකාලය වසර් 17 සේවය කර සැප්තැම්බර් 03 පොලිස් දිනයට ලබා දෙන උසස්වීම නොලැබීම හරිම කනගාටුදායකය බන එම සැරයන්වරුන් සදහන් කරයි.

