මහනුවර මහ නගර සභාව නගරයේ වීථීවල රථවාහන ගාල් කිරීම සඳහා පසුගිය සමයේ ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලික සමාගමකට අවුරුදු පහකට වීථී බදු දී ඇතත් එම සමාගම ගිවිසුම් කඩ කරමින් නිසි ආකාරයට බදු මුදල් නොගෙවන බවට වාර්ථාවේ.
මෙලෙස වීථී බදුගත් බදුකරු නගර සභාවට වසර තුනක් රුපියල් ලක්ෂ 45 ක මුදලක් අඛණ්ඩව ගෙවීමට නගර සභාව සමග ගිවිසුම් ගතවී ඇතත් ,එම සමාගම ගිවිසුම් කඩ කර ගෙවිය යුතු මුදල් කොටස් වශයෙන් ගෙවන බව නගර සභාවේ ගිණුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර පහක් මාසිකව ලක්ෂ 45 ක මුදලක් ගෙවීමට ගිවිසුම් ගතව ඇතත් මෙම ටෙන්ඩර් කරු ගිවිසුම කඩ කර ගෙවීම්ද අතපසු කරන බැවින් ,ඔහුට දඩ මුදලක් අය කල යුතු බව නගර සභාවේ මුදල් කළමණාකරණ කමිටුව තීරණයක් ගත්තද ,එම දඩ මුදල අය නොකරන ලෙසත් ,ටෙන්ඩර් කරු පාඩු ලබා ඇති බවත් පවසමින් ,නාගරික කොමසාරිස් වරිය ටෙන්ඩර් කරු හුරතල් කරන්නේ ඇයි දැයි නගර සභාවේ සේවකයන් ප්‍රශ්ණ කරයි.මේ සියල්ල නොදන්නවා සේ නගර සභාවේ මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ මන්ත්‍රී වරියන්ද නිහඬව සිටිති.
වීථී බදු ගත් ටෙන්ඩර් කරු එම ටෙන්ඩරය ලබා ගැනීමට පෙර ඇපකරයක් ලෙස ඔහුගේ නිවස සහ වාහන දෙකක් නගර සභාවට ලේඛණ ඔස්සේ ඉදිරිපත් කර ඇත.එය කිසිසේත් අනුමත නැතැයිද ඒ සඳහාද අනුමැතිය ලබා දී ඇත්තේ නාගරික කොමසාරිස් වරිය බවද නගර සභාවේ සේවකයන් සදහන් කරයි.
ටෙන්ඩර් කරු මේ අයුරින් නගර සභාවට ගෙවිය යුතු මුදල් ගෙවීම ප්‍රමාද කරන්නේ ඔහුට පාඩුවී ඇති බව පවසමිනි.එහෙත් ඔහු මෙලෙස ගෙවීම් පැහැර හැරියොත් නගර සභාවේ දෛනික ආදායම් වියදම් සහ පොදු සේවාවන් සැපයීමට මුදල් අඩුවීමත් සමග නගරයේ බදු ගෙවන ජනතාවගේ බදු අය කිරීම් වැඩි කිරීමටද සිදුවන බව නගර සභාවේ නිලධාරින් සහ කාර්ය මණ්ඩල පවසති.මෙම තත්වය නිසා දැනට ටෙන්ඩර් කරු විසින් නගර සභාවට ලක්ෂ 90 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන බවද ගිණුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ටෙන්ඩර් කරු නගරයේ වීථී වල නවත්වන රථවාහන වලින් විනාඩියකට රුපියල් 80/= ක මුදලක් අය කරන අතර ,වැඩිවන පැය ගනනට රුපියල් 700/= බැගින් අය කරන බව නගරයට වාහන වලින් පැමිණෙන ජනතාව පවසති.
මෙම ටෙන්ඩර් ගිවිසුමද සුක්ෂම ආකාරයේ අතයට ගනුදෙනුවක් ඔස්සේ සිදුව ඇති බව නගර සභා සේවකයෝ පවසති.
මේ සියලු ටෙන්ඩර් ගනුදෙනු නාගරික කොමසාරිස් වරිය ඇතුලු නගර සභාවේ වසර 25 කට වැඩි කලක් විවිධ තනතුරු දරණ පිරිස් ඒකාබද්ධව සිදුව ඇතැයි නගර සභාවේ සේවකයෝ පවසති.