මුස්ලිම් යුවතියක් දූෂණය කර මරා දැමූ සැකකරුට  රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරක්ෂාව

උතුර නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පැවති සමයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ මුස්ලිම් ප්‍රජාව රජයේ හමුදා සමග එකමුතුව වැඩ කිරීමට එවකට පැවති රජයේ අනුග්‍රහය යටතේ මුස්ලිම් හමුදාවක් ගොඩ නංවා තිබි ඇත. එය ජනතාව අතර ප්‍රචලිත වූයේ මුස්ලිම් පඩේ (හමුදාව) යන නමිනි.එයට එකතු වූ බහුතරයක් දෙනා කරුණා අම්මාන් යටතේ එල්ටීටීඊ සංවිධානය යටතේ පුහුණුව ලබා සිටි අයයි. කරුණා අම්මාන් වෙනම කණ්ඩායමක් ලෙස එල්ටීටීඊයෙන් වෙන්වූ කල එහි සිටි මුස්ලිම් තරුණයන් කරුණා අම්මාන්ගෙන් වෙන්වී මුස්ලිම් හමුදාවට සම්භන්ද වී ඇත.

2007 වසරේ දී වාලච්චේන කාවන්තමුනෙයි ග්‍රාමයේ තිබූ මුස්ලිම් පඩේ කාර්යාලයට එම ගමෙහි පදිංචිව සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් හිදායා නම් තරුණියව රැගෙන ගියාය. එසේ රැගෙන ගියේ මීරා ලෙබ්බේ කලීල් නම් පුද්ගලයා විසිනි. ඇය රැගෙන ගොස් පැය කීපයකට පසුව එම කාර්යාලය තුලදී ඇයව මරා දමා ඇති බවට ඇගේ පියාට ලද තොරතුරු අනුව ඔහු විසින් වාලච්චේන පොලීසියට පැමිණිලි කර ඇත.

ක්ෂණික ක්‍රියාත්මක වූ පොලීසිය අදාල මිණීමරුම ගැන පරීක්ෂණ අරභන කර තිබෙි. අදාල තරුණියගේ මළසිරුර පිළිබදව කල අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිදරව් වූයේ ඇයව මරා දැමීමට පෙර දූෂණය කර ඇති බවයි. අදාල අපරාධයට සැකපිට ඇයව අදාල කාර්යයට රැගෙන ගිය මීරා ලෙබ්බේ කලීල් යන අයව අත් අඩංගුවට ගෙන B/354/2007 යටතේ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මෙම අපරාධමය නඩුවට සැකකරු දිගින් දිගටම ඉදිරිපත් නොවීම නිසා ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කරන තිබෙි.

විවෘත වරෙන්තුකරුට වාලචේන පොලීසිය ,වාලච්චේන විශේෂ කාර්ය බලකා කදවුර රැකවරණය ලබාදෙනු ලබයි. පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ අනුග්‍රහය යටතේ එම වරෙන්තුකාර මීරා ලෙබ්බේ කලීල්  කල්කුඩා වෙරළේ කිමිදුම් ආයතනයක් මෙහෙයවයි. ඔහු එය ඇරඹීමේ රහස් කතාව නම් කරුණා අම්මාන් එල්ටීටීඊ සමග සම්භන්ධ වී සිටි කාළයේ උතුරේ සිට මඩකලපුව වෙත රැගෙන ආ ආයුධ පෙට්ටි කීපයක් ඒ මොහොතේ ඇතිවූ හදිසි හේතුවක්මත මුහුදට දමා ඇත. මීරා ලෙබ්බේ කලීල් කිමිදෙන මුවාවෙන් එම ආයුධ පෙට්ටි සෙවීම සිදු කරයි. ඔහුගේ හිතෛෂියා වන ඔට්ටමාවඩි ,පාසල් මාවත ,අංක 340/A ලිපිනයෙහි පදිංචිව සිටින ආදම් බාවා මොහොමඩ් රිස්වින් නොහොත් ජෙහාඩ් රිස්වින් යන අය CC 1000 වර්ගයේ යතුරු පැදියක් පාවිච්චි කරනු ලබයි. ඒ සදහා වාලච්චේන හෝ කල්කුඩා පොලීසිය කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බව වාර්ථාවේ. රටේ නීතිය බල්ලට ගියාද නීතිය සුරැකිය යුතු තැන් වලට බල්ලෝ පත් කරා කර සිටිද  යන්න රටේ බලධාරීන් සෙවිය යුතු කාලය එලඹ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *