නිදහස් කරන්න කියු  ලසන්ත  ඝාතනයේ සැකකරුවන් තිදෙනා ගැන සීඅයිඩී ය යළිත් නිතිපතිට කරුණු කියයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ,මාධ්‍යවෙිදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ සෙබළෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනෙකු නිදහස් කිරිමට නිතිපතිවරයා ගත් පියවර සමිබන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යළිත් නිතිපතිවරයාට කරුණු දැක්විමට තිරණය කර ඇති බව වාර්ථාවෙි.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහගේ අත්සනින් පසුගිය ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබුණේ , ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව ය.

එම චූදිතයන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දන්වන ලෙස ද නීතිපතිවරයා යොමු කර තිබු  ලිපියේ සඳහන් විය.කෙසේ වෙතත් එම ලිපිය සමග රටේ මහත් ආණ්දෝලනයක් ද ඇති වු අතර ජනාධිපතිවරයෙ විසින් නිතිපතිවරයා කැදවා කරුණු විමසිමටද කටයුතු කලේය.

ඒ අනුව එම සැකකරුවන් සමිබන්ධයෙන් කරණ ලද විමර්ශනවල සාක්ෂි ආදි කරුණු ඇතුළත් කරමින් ලිපි ගොන්වක් සකස්කර නිතිපතිවරයාට යොමු කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව කටයුතු කරමින් සිටින  බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *