පොලිස් දෙපාර්තමේන්තුවේ එකක් අංශ සහ පොලිස් ස්ථාන පුද්ගලික අයගේන් කුළියට ගත් ගොඩනැගිලිවල ස්ථාපනය කර ඇති එවාට මාසිකව රුපියල් ලක්ෂ නවසියකට අධික කුළි මුදලක් ගෙවන බවට තොරතුරු වාර්ථාවෙි.
ඒ අකාරයට දෙමටගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි තුනක්ද, මරදාන හා පාගොඩ ප්‍රදේශයේද එ ආකාරයේ ගොඩනැගිලි කුළියට ලබා ගෙන තිබෙි.ඊට අමතරව අලුතින් ආරම්භ කර ඇති පොලිස් ස්ථාන , විශේෂ එකක ආදිය ද මෙි ආකාරයට කුළියට ලබා ගෙන ඇති අතර සමහර එවා රජයේ ගොඩනැගිලි වල ස්ථාපනය කිරිමට හැකියාව තිබියදි කුලි පදනම මත ලබා ගෙන ඇත.මෙසේ ලබා ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන එකකයට නාරහේන්පිටප්‍රදේශයෙන් ලබා ගෙන ඇති භූතාන් ගොඩනැගිල්ල ලෙස සදහන් ගොඩනැගිල්ලට මාසිකව ලක්ෂ විස්සකට අධික මුදලක් ගෙවන බව වාර්තාවෙි.
මෙසේ කුලයට ලබා ගෙන ඇති බොහොමයක් සේවයේ සිටින හා හිටපු උසස් පොලිස් නිලදාරින්ට අයත් වන ඒවා බව සදහන්වේ. ඊට හොදම නිදසුනක් ලෙස කිසිදු හිරිකිතයක් නැතිව වත්මන් වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සිය නිවාසයේ දිස්ත්‍රික් විශේෂ කාර්යංශයට කුළියට ලබා දී ඇත්තේ මිට පෙර වැහැර පොලිස් ස්තානයේ පිටුපස පිහිටුවා තිබි එම එකකය ඉවත් කරමිනි.මිට අමතරව මත්තේගොඩ පොලිසිය ස්ථාපනය කර ඇත්තේ හිටපු පොලිසි උසස් නිලදාරියෙකුගේ ගොඩනැගිල්ලක බව වාර්ථාවෙි.
මෙසේ කූළීයට ලබා ගන්නා ගොඩනැගිළිවලට කූළී ගෙවනවාට වඩා ණය මුදලක් ගෙන ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ නම් වසර පහ හයක් යන විට පොලිසියටම එම ගොඩනැගිල්ල ඉතිරිවෙි.