අඹන්පොල පොලිස් ස්ථානාධිපතිවරයා දියතලාව ප්‍රදේශයේ ඉදිකරමින් ඇති සිය නිවසට අවශ්‍ය දොර ජනෙල් ඔහු රාජකාරි කරන පොලිස් බලප්‍රදේශයේ සිටින පෙදරේරුවෙකුට කියා සකස් කර ඒ සදහා ගිය රුපියල් ලක්ෂ ලක්ෂ දහයකට ආසන්න මුදල ලබා නොදිම නිසා එම වඩු කාර්මිකයාට අදාළ ලී හා උපකරණ ගත් පිරිසට ගෙවිමට ඇති මුදල් ලබා දිමට නොහැකිව සියදිවි නසා ගැනිමේ තත්වයට පත්ව ඇති බව වාර්ථාවෙි.
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරින්ට පැමිණිළි කළත් ඒ සමිබන්ධයේන නිතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.
මහව ප්‍රදේශයේ මෙම දැව භාණ්ඩ සාදන වඩු කාර්මිකයා ජිවත් වන අතර මෙම පුද්ගලයා මගින් ස්ථානාධිපතිවරයාගේ නිවසට අවශ්‍ය දැව වර්ග සපයාගෙන සියලුම භාණ්ඩ ලොරි රථයක පටවාගෙන ගෙන ගොස් සවි කර ඇති අතර වෙනත් වඩු කාර්මිකයෙකු විසින් අඩක් නිම කරන ලද නිවසේ වහලයද සාදා දී ඇති බව වාර්ථාවවෙි.
නමුත් වසරක් පමණ ගත වුවද මෙම ස්ථානාධිපතිවරයා ලබා දී ඇත්තේ ලක්ෂ දෙකක පමණ සුළු මුදලක් බවත් තමා ප්‍රදේශයට ණයකරුවෙකු වීම හේතුවෙන් එම ණය පියවා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ දරුවන් තිදෙනා තනිකර විදේශ ගත වී තිබෙි. නමුත් ඇයටද සිතූ පරිදි වැටුපක් නොලද හෙයින් ඔහුට එම හේතුවෙන් දිවි නසා ගැනීමේ තත්වයට පත්ව ඇති බව සිය හිතවතුන්ට පවසන බව වාර්ථාවෙි.
2025-02-08