මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඔඩිසි දුම්රියේ සහ නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියේ සහ වායූ සමන මැදිරියේ ප්‍රවේශපත් ජාවාරම ආණ්ඩුවට හෝ පොලීසියට හෝ කිසිදු පාර්ශවයකට නවතාලීම අපහසු වී ඇත්තේ දුමිරියස්ථානයේ ප්‍රධාන පෙලේ නිලධාරින් කීප දෙනෙකු තවමත් එම ජාවාරම ඉතා සූක්ෂමව කරගෙන යන නිසා බව මහනුවර දුම්රිය ස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
සෑම දිනකම මෙම ප්‍රවේශපත් තිහක් (30) පමණ ටිකට් කවුන්ටර් වල රාජකාරියේ නිරත නිලධාරින් කීප දෙනෙකු විසින් තම සේවා ස්ථානයේ ලාච්චු වල සඟවා ගන්නා අතර පසුව ඒවාදුම්රිය ස්ථානාධිපතිට රහසිගතව ලබා දෙන බව වාර්ථාවේ.
ඔහු හමුවීමට ඔහුගේ නිල කාමරයට පැමිණෙන සංචාරක සමාගම් හිමිකරුවන් නිළධාරින් ,මෙන්ම සුපිරි වාහන වලින් පැමිණෙන අයට මෙම විශේෂ ටිකට් පත් වැඩි මුදලට අලෙවි කරන බව සදහන්වෙි. ඒසඳහා මුදල් ඒ ඒ දුම්රිය නිලධාරින්ගේ ගිණුම් වලට ටිකට් ලබාගත් පාර්ශවය ගිණුම් ගත කරන නිසා මෙම තත්ත්වය යටතේ රහස් පොලිසියේ නිලධාරින්ටවත් මෙම ජාවාරමේ නිරත පුද්ගලයන් අල්ලා ගත නොහැකි බව දුමිරිය ස්ථානයේ සේවකයන් පවසයි.
බදුල්ල බලා යන පොඩි මැණිකේ දුම්රිය හරහා මෙම ටිකට් ජාවාරම වැඩි වශයෙන් සිදුවෙයි.මහනුවරින් උදේ 8 .50 බදුල්ල බලා යන පොඩි මැණිකේ දුමිරියේත් , අලුයම 5. 55 ට යන දුම්රියේත් ,කොළඹින් උදේ 8 .30 ට එන පොඩි මැණිකේ බදුල්ලට යන දුම්රියේත් ටිකටි කලින්ම එකතු කර ගන්නා ටිකට් කවුන්ටර් වල සේවයේ යෙදී සිටින නිලධාරින් ඉතා සූක්ංෂමව කරගෙන යන මෙම ප්‍රවේශපත් ජාවාරම දුමිරිය ස්ථානයේ නිලධාරින් කීප දෙනෙකු එකතුවී සිදුකරන මහා පරිමාණ ජාවාරමක් බව මේ පිළිබඳව තොරතුරු හෙළිකල දුම්රිය ස්ථානයේම නිලධාරියෙක් පැවසීය..
මෙම ජාවාරම අල්ලා ගන්නට අසීරූ වී ඇත්තේ දුමිරිය ස්ථානයේ ටිකට් කවුන්ටර් ඇතුලේම රාජකාරියේ නිරත නිලධාරින් මෙයට සම්බන්ධ නිසා බව හෙතෙම කීය.
මෙම නිලධාරින් මහනුවරසංචාරක හෝටල් ,සංචාරක සේවා සපයන ආයතන හිමිකරුවන් සහ විදෙස් සංචාරකයන් ප්‍රවාහණය කරන රියදුරන් හා සෘජුව එක්ව ,ඔවුන්ගේ බැංකු ගිණුම් වලට මුදල් දමා මෙම ජාවාරම කරගෙන යන බව වාර්ථාවෙි.
මෙම දුම්රිය ප්‍රවේශපත් ජාවාරම ආරම්භ වන්නේ අළුයම සහ සවස් වරුව යන වේලාවන් වලදී මහජනතාව ටිකට් කවුන්ටර් අසලට පැමිණීමට පෙරය.
ටිකට් කවුන්ටර් වල සේවයේ නියුතු ජාවාරම් කාර නිලධාරින් කීප දෙනෙක් කලින්ම ප්‍රවේශපත් තමන් සන්තක කරගෙන ඒවා තම සාක්කුවල දමාගෙන රහසිගතව අදාළ පුද්ගලයන්ට ටිකට් පත් ලබා දීම අල්ලා ගැනීම අසීරූ වී ඇත්තේ මෙම ජාවාරමට දුම්රිය ස්ථානාධිපති වරුු සෘජුවම සම්බන්ධ නිසා බව මහනුවර දුම්රිය ස්ථානයේ නිලධාරියා වැඩි දුරටත් කීය.
දුම්රිය ටිකට් ජාවාරමෙන් හම්බ කරගත් අති විශාල මුදල් වැය කර මිළට ගත් දේපල සම්බන්ධයෙන්ද ලඟදීම හෙළි කරන්නෙමු.
දුම්රිය දෙපාර්තමේන්තුවෙි සේවය කර ගන්නා මාසික වැටුපෙන් අක්කර 80 ක ඉඩම් මිළදී ගත් හැටි හෝටල් ඉදිකරන හැටි සහ ලක්ෂ 100 කට අධික මිළෙන් යුත් වාහන ලබා ගත් හැටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ අංශයෙන් පරීක්ෂණ කල යුතු බව මෙම ප්‍රවේශපත් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළිකල දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසීය.