අන්තර් ජාලයෙන් පාස්පොර්ට් ගන්න දින දෙන ක්‍රමය යළිත් ජාවාරම්කරුවන්ට ඉනිමන් බැදිමක්

දැනට පවතින ගුවන් ගමන් බලපත්‍ර පෝලිම හා තදබදයට පිළියමක් ලෙස මිට පෙර තිබු අන්තර් ජාලය ඔස්සේ දිනයක් හා වෙිලාවක් ලබා ගැනිමේ ක්‍රම වෙිදය යළිත් හදුන්වාදිමට රජය සැලසුම් කර ඇතත් එම ක්‍රමයේ පවතින අක්‍රමිකතා හේතුවේන් එය හිටපු ඇමති ටිරාන් අලස් මහතාගේ සමයේ එය නවතා දා තිබෙි.

ඊට හේතුව එම ක්‍රමය තිබු සමයේ රැකියා ඒජන්සිකරුවන් හා තැරැව්කරුවන් ජංගම දුරකථන සිිම් කාඩ්පත් තිහ හතලිහක් ලබා ගෙන දිනපතා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා ලියාපදිංච් වේ. එසේ ලියාපදිංච් වී  දිනයක් හා වෙිලාවක් වෙන් කර ගත් පසු එවා රුපියල් 25000 සිට 50000 දක්වා මුදලකට අලෙවි කරන බව වාර්ථාවෙි.

මෙම ගුවන් ගමන් බලපත්‍ර පොලිම පාලනය කර ගැනිමට මෙම සැලසුමට අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ලියාපදිංච් විමේ ක්‍රමවෙිදයක් සකස් කර එහි වර්ගිකරනයක් සිදු කර අයදුම්කරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක්න් ඔස්සේ දිනයක් හා වෙිලාවක්   වෙන් කර ලබා දිමට කටයුතු කරන්නේ නම් මෙම ජාවාරම්කරුවන්ගෙන් හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිටින මාෆියා කාරයින්ගෙන්  බේරා ගෙන මහජනතාවට කරදරයකින් තොරව පාස්පෝර්ට් එකක් ලබා ගැනිමට හැකිය.

ඊට අමතරව ආගමන විගමන කාර්යාලයේ වසර දෙක තුනක් අරක් ගෙන සිටින සියලු තරා තිරම්වල නිළධාරින් මාස හයක් හෝ වසරක් ඇතුළත මාරු කිරිමේ ක්‍රමවෙිදයක්  ක්‍රියාත්මක කරන තෙක් මෙම ගුවන් ගමන් බලපත්‍ර  සැකසිමේ ජාවාරම නතර කර නොහැකි බව සදහන් කළ යුතුය.

මේහිදි කිවයුත්තේ මේදිනවල පාස්පොර්ට් පොලිමට මුලික හේතුව සෑම තරාතිරමකම නිළදාරින්ට ජරාව ලබා ගැනිමේ මං ඇහිරි ඇති නිසා ඔවුන් කිසිවෙකු නිසි ලෙස වැඩ නොකිරිමේ ප්‍රතිපලයක් බව සදහන්වේ.

1 Comment

  1. Hello.This article was really remarkable, particularly since I was searching for thoughts on this issue last couple of days.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *