ආරක්ෂක ලේකම් ආරක්ෂක රාජ්‍ය ඇමතිව දෙකේ කොලේට දාලා

යුධ ජයග්‍රහණයෙන් තවමත් ඔලුව පුම්බාගෙන සිටින නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ උඩඟුකම කොතෙක්ද යත් ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවා නොතකා කටයුතු කරන්නෙකු බවට පත්ව තිබේ.දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්ගේ කවයන්ට පමණක් සීමා වී තිබූ මේ පුවත ජාතික නිදහස් දින උළෙලෙන් පසු ජාතික මට්ටමේ පුවතක් බවට පත්ව තිබේ.

ඒ ආරක්ෂක ලේකම්වරයා ජාතික දින උළෙලේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමට නොපැමිණීම නිසාය.ජාතික දින උළෙලේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පිළිගැනීමට නම් කර තිබුනේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ,.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් එච් එම් නන්දසේන,සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි  හා යුදහමුදා මාණ්ඩලික  ප්‍රධානි හරින්ද්‍ර පිරිස් යන පිරිසටය.එහෙත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා උත්සව භූමිය වෙත පැමිණෙන අවස්ථාවේ ඔහු පිළිගැනීමට නම් කර තිබූ සියලු නිලධාරීන් ඉදිරියට පමණි නමුත් ,ආරක්ෂක ලේකම කමල් ගුණරත්න පැමිණියේ නැත.ඔහු ඒ වන විට උත්සව භූමියේ සිටි බව සජීවී රූපවාහිනී විකාශය ඔස්සේ මුළු රටම දැන සිටි කාරණයකි.

කමල් ගුණරත්න එලෙස උද්ධච්ඡ ලෙස හැසිරුනේ කනිෂ්ට ඇමතිවරයෙක් පිළිගැනීමට යෑම තමන්ගේ විශ්‍රාමික ජෙනරාල් පට්ටමට මදි පුංචිකමක් යැයි සිතා විය හැකිය.එහෙත් රටක නිල ධූරාවලිය අනුව මැති ඇමතිවරුන් සිටින්නේ නිලධාරීන්ට ඉහලින් බව කමල් ගුණරත්න සිතිය යුතුය.එහිදී නිලධාරීන්ගේ ඊට පෙර දැරූ තනතුරු,ඔහුගේ දැන උගත්කම හෝ වත් පොහොසත්කම් කිසිවක් අදාළ වන්නේ නැත.මේ නිසා තමන්ට නිකන් ලැබුණු ජෙනරාල ජෙනරාල් පට්ටම දේශපාලකයන් ඉදිරියේ හෑල්ලු කිරීමට කමල් ගුණරත්න අකමැතිනම් ඔහු කළ යුතුව ඇත්තේ දේශපාලකයන් යටතේ රස්සා නොකර සිටීම යැයි මේ ගැන අදහස්  දැක්වූ කලක් පරිපාලන නිලධාරියෙකුව සිට පසුව දේශපානඥයෙකු වූ අයෙකු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *