කුරුණෑගල ලැයිමක හැදී වැඩුන ලංකාවේ ලොකුම සල්ලි කාරයා වීමට සිහින දකින ලොකු රාළහාමි

ලොකු රාළහාමි යනු ඔහුට කැළණිය විශ්වවිද්‍යාලයේ දී පටබැඳි නාමයයි. ජීවිතය ගොඩනගා ගන්නට ඔහු නොවිඳිනා දුක් වින්ඳාය. උසස් පෙල ලියා ප්‍රතිඵල එන්නට පෙර පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස බැදීමට දෙවරක් සිතුවේ නැත. ප්‍රතිඵල එනවිට විශ්වවිද්‍යාලට යෑමට ඔහු සුදුසුකම් ලබා සිටියාය. විශ්ව විද්‍යාලයකට අතුළු  වීමට ඉල්ලුම් පත් යැවූ ඔහු කැළණිය විශ්වවිද්‍යාලයට තේරුණි. පොලිස් දෙපාර්තමේන්තුව ඔහුව පෑලියගොඩ පොලීසියට අනුයුක්තකර කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දුන්නාය.

උපාධිය සම්පූර්ණ කල පසු 1999 වසරේදී ඔහුට වාසනාව උදාවිය. ඒ එවකට පොලිස්පතිව සිටි ලකී කොඩිතුවක්කු මහතාට පිහිනීම සදහා විදෙස් රටක ඩිප්ලෝමාවක් පමණක් ඇති ඔහුගේ පුත් රන්මල් කොඩිතුවක්කුව ඍජු සහකාර පොලිස් අධිකාරී වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට අවශ්‍ය විය. එයට ඔහු කඳිම උපායක් යෙදුවාය. පළමුව කලේ තම පුතාගේ පිහිනීමේ ඩිප්ලෝමාව උපාධියක් ලෙස පිලිගන්නා බවට එවකට සිටි විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලිපියක් ලබා ගැනීමය. දෙවෙනුව කලේ ඔහු සමග බඳවා ගන්නා කන්ඩායම එවකට සක්‍රිය සේවයේ සිටි උප පොලිස් පරීක්ෂණවරු දෙදෙනෙක්ද පොලිස් කොස්තාපල් වරයෙක්ද ඇතුලත් කිරීමයි. පොලිස් කොස්තාපල් වරයාට ලබා දෙන ස්ථානය හිමි වූයේ අපේ කතා නායක ලොකු රාළහාමිටය. ලොකු රාළහාමි ඒඑස්පී වූයේ එසේය.

ඔහු එදා සිටම මුදලට ගිජු පුද්ගලයෙකි. ඒඑස්පී වූ පසුව ඉතිහාසය වලදැමූ ඔහු විවාහ වන්නේ වෛද්‍යවරියක් සමගය. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ලොකු රාළහාමි විශාල මෙහෙයක් කළේය. ඒ සරත් වීරසේකර අම්පාරෙන් වඳ කොත්තු නාටකය පටං ගන්නා විට විමල් වීරවංස ,චන්න ජයසුමණ ,අතුරළියේ රතන හිමි කණ්ඩායම කුරුණෑගල දී වඳ සැත්කම් සමග පැලෝපීය නාළ මිරිකීමේ නාටකය ආරම්භ කළේය. ඇත්තටම වඳ සැත්කම් නාටකයේ තිරේ පිටුපස කතාව ලීවේ ලොකු රාළහාමි ය. එයට හේතුව වූයේ ඔහුගේ බිරිඳට ලැබෙන ආදායම අඩු වීමට බලපෑ දොස්තර සාෆිව හිර කිරීමය. ඔහු එය නිසි ලෙසටම කලාය. ඒත් දැන් දොස්තර සාෆිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ටද තමාව බේරන ලෙසට පෙරලී වඳින තැනට ලොකු රාළහාමි වැටි ඇත.

 වත්මන් ආණුඩුව බලයට පත් වූවාට පසුව ලොකු රාළහාමිට දකුණු පළාතට ස්ථාන මාරුවීමක් ලබා දුන්නේය. එය නොයා සිටීමට දැරූ සියළුම උත්සහයන් ව්‍යවර්ත විය. කැළණි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් ලවා ජනාධිපති අනුර කුමාර දිසානායකට පවා කීවාය. වැඩක් නොවුන කල ඔහු දකුණට ගියේය. ඔහු දකුණු පලාතට ගොස් ටික කලක් ගතවන විට තංගල්ලේදී පොලිස් මාර්ග බාධකයකට මාළු ලොරියක රහසිගත්ව පටවාගෙන ආ හෙරෝයින් කිලෝ 200 කට අධික ප්‍රමාණයක් හසු වූවාය. එම කුඩු තොගයේ සැබෑ අයිතිකරු දැනට ඩුබායි සිටින කළු සාගර නැමැත්තා බවට තොරතුරු හෙළිදරව් වූවත් ඒ ගැන ප්‍රසිද්ධ කිරීම ලොකු රාළහාමි එය හිතාමතාම මග හැරියේය. ඒ ඔහුට කළු සාගරගෙන් ලැබුන පණිවිඩයක් නිසාය. ඒ පනිවිඩය වූයේ එදා කුඩු තොගය නිරුපද්‍රිතව යැව්වානම් රුපියල් කෝටි 10 ක් ලොකු රාළහාමිට ලබා දීමට සිටි බවය. ලොකු රාළහාමි හිත තිගැස්සුනි. මෙම දෙබස බුද්ධි අංශ වෙතද වාර්ථාවිය. ඒ ගැන බුද්ධි අංශ කොතරම් විමසිල්ලෙන් සිටියාද කිව හොත් මෑතදී බෝට්ටු දෙකකින් රැගෙන කුඩු තොගය මුහුද මැදදී අත් අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එන තෙක් ලොකු රාළහාමි ඇතුළු දකුණේ කිසිඳු පොලිස් නිළධාරියකු දැන සිටියේ නැත. එම මත්ද්‍රව්‍ය තොගයම එවා තිබුණේ කළු සාගර ය. එය එවීමට කටයුතු කලේද දැනට කළු සාගර සමග ඩුබායි රාජ්‍යයේ රැඳීසිටින මොරිල් නැමැත්තාය. එම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙනවිත් බෙදාහැරීම බාරව සිටියේ දෙවුන්දර දෙහිබාලාගේ පුතා වන පීඑම් ශෙහාන් සත්සරය.

පළමු මත්ද්‍රව්‍ය තොගය මාළු ලොරියේ සිට හසුවූ පසුව ලොකු රාළහාමිට කළු සාගරගෙන් ලද පනිවිඩය පරිදි දකුණේ 100% ක් තමාගේ අණසකට පොලිස් රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට ලොකු රාළහාමිට අවශ්‍ය විය ඒසදහා ඔහුට හිතවත් ස්ථානාධිපති වරු පමණක් නොව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරු පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරුද පත්කර ගැනීමට වට පිටාව හැදුවාය. ඒ දකුණු පලාතේ ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහල නිළධාරීන් සියළුම දෙනා ගතවූ වසර 5 ක කාළය තුල එම පොලිස් බලප්‍රදේශවල සිදුවූ බල අපරාධ සියල්ලම සවිස්තරාත්මකව කටපාඩම් කලයුතු බවට චක්‍රලේඛයක් නිකුත් කලේය. එය හිතාමතාම තමන්ව අපහසුතාවට පත් කිරීමට ලොකු රාළහාමි කටයුතු කරන නිසා ස්ථානාධිපති වරුන්ගෙන් ඉහල සියළුම නිළධාරීන් වෙනත් පලාතකට  ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිපත්කර ඇත. ලොකු රාළහාමිට අවශ්‍යද එයයි. ලොකු රාළහාමි දැන් සූදානම් වන්නේ ඔහු බලාපොරොත්තු වෙන දකුණේ පොලිස් රාජ්‍ය සෑදීමට වයඹ පලාතේ සිටි ඔහුට හිතැති පොලිස් ස්ථානාධිපති වරුන් සහ ඉහල නිළධාරීන් ගෙන ඒමටය. එසේ උවහොත් කළු සාගරට හරක් කටාට ලොකු රාළහාමිට මාස් පතා කෝටි ගනනක් ගෙවමින් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම රට පුරාම කිරීමට හැකිවනු ඇත. එවිට ඔවුන් ලබාදෙන මුදල් වලින් ලොකු රාළහාමි රටේ කෝටිපති පොලිස් කාරයා වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *