ලෝක විශ්ව විද්‍යාල ක්‍රිඩා උළෙල සදහා සුදුසුමක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට එක්වීම වැලැක්වීම සදහා කුමන්ත්‍රණයක් මේ වන විට සිදු වන බව වාර්ථාවෙි. මෙම තරගාවලිය ලබන ජූනි මස සිට ජර්මනියේදී පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ක්‍රීඩා ඉසව් කිහිපයක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුම් ලබා ඇත්තේ පදක්කම් බලාපොරොත්තු කිහිපයක්ද සමගයි.
එහෙත් හිටි හැටියේ අද දින (28) ඊමේල් පණිවිඩයක් යොමු කරමින් ඊට සුදුසුකම් සම්පූණ කර පදක්කම් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය හෙනහුරා පාත් කර තිබෙනවා. ඒ මෙම තරගාවලිය සදහා සහභාගි වීමට අවශ්‍ය නම් ඒ සදහා වැයවන ගුවන් ප්‍රවේශ පත්‍ර මුදල් හෙට (29) වන විට පෞද්ගලිකව ගෙවන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම් දීමයි. දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැට්ට ගිණි ගත්තා වගේ හිගන පාත්තරයක් අරන් වටේ දුවලා මුදල් එකතු කර ගන්නා ලෙස ජාතික සංගමය ප්‍රකාශ කිරීම හේතුවෙන් බොහෝ පදක්කම් බලාපොරොත්තු පමණක්ම වීමේ තැනට වැටී අවසන් ය.
මෙවන් තරගාවලි දින වකවානු හා ස්ථානය අදාල ජාත්‍යන්තර සංගම් ප්‍රකාශ කරන්නේ වසර ගණනකට පෙරයි. ඒ අදාල රටවල ජාතික සංගම් සදහා සූදානම් වීමට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සූදානම් වීමටයි. එහෙත් ලංකාවේ කිසිදු සැලැස්මක් නොවීම හේතුවෙන් රටට දිනා ගත හැකි පදක්කම් අහිමිවුනේ අද ඊයේ සිට නොවේ.
නව රජය යටතේ ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළලේ පදක්කම් ලංකාවට ලැබුනහොත් එහි ලකුණු වත්මන් රජයට යනවා. එය වැලැක්වීම මෙම අවුල හැදීමේ ප්‍රධාන අරමුණක් බවත් වාර්තා වනවා. නැත්නම් මේ පිලිබද තොරතුරු ලබා දී අවශ්‍ය පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාගත හැකියි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ පිලිබද සිදුකළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙවැනි තරගාවලියක් ගැන කිසිවක් ඔවුන් නොදන්නා බවයි. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගෙන් කිසිදු ඉල්ලීමක් ජාතික විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය සිදුකර නැති බවත් එහිදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයා තහවුරු කළා.
ඒත් සමග මෙය රජය අපහසුතාවට හා අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව මේ පිලිබද සිදුකළ ගවේශණයේදී තහවුරු වී තිබෙනවා. අපි බලමු ඇ මැටි හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙය කෙසේ විසදා ගනීවිද කියා.
මේ සියල්ල නිසා අහිමි වීමට යන්නේ රටට ලැබීමට ඇති කීර්තිය හා පදක්කම් බව සටහන් කළ යුතුයි.
හසිත අකලංක දෙයාලගේ ~