ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන සදුදා දක්වා රක්ෂිත බංධනාගාර ගත කර තිබෙි. ඒ දැව ප්‍රවාහානය කළ භූම්ට්‍රක් රථයක් වෙනුවට වෙනත් රථයක් මාරුකර අධිකරණයට ඉදිරිපත් කිරිමේ චෝදනාවටය. පසුගියා අප හෙළි කළ ” පොලිස්පතිට කොකා පෙන්වා ගිරිඋල්ල පොලිසිය රුපියල් ලක්ෂ 20 පගාව අරං ” යන පුවත් සමග ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා ඒ සදම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර නිතිය ක්‍රියාත්මක කිරිමට ස්තූතිය පළ කරන අතර මිට සමිබන්ධවු කුලියාපිටිය ජෙිෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහට කටයුතු නොකිරිම පහත් තැනින් යයි ගාලා ජලය වැනි බව කිවයුතුය.
කුලියාපිටිය ජෙිෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහට පසුගිය ජනවාරි 15 දින ලද තොරතුරක් අනුව දඹදෙණිය රෝහලට ආසන්නයේදී බලපත්‍ර රහිතව මහෝගනී කොට තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අංක 227-6078 දරණ භූම්ට්‍රක් රථය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රපොප සමරකෝන් සහ පොලිස් පරීක්ෂක මදුරංග යන දෙදෙනා විසින් අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් ඇත.
ඒ සමගම ක්‍රියාත්මක වූ භූම්ට්‍රක් රථය හිමිකරු ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 10 ක් ගෙවා කොට පටවා තිබූ භූම්ට්‍රක් රථය වෙනුවට අංක 68-3907 ලොරිය ආදේශ කර පටවා තිබූ කොට සියල්ල බිමට දමා භූම්ට්‍රක් රථය මුදාගෙන ගොස් ඇත. ඒ බව පොලිස් අධිකාරී වරයාට මුල් තොරතුර ලබාදුන් අය විසින් නැවත දැනුම් දීඇත.
නමුත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කිසිත් නොකර බැවින් 17 දින දින පොලිස්පති තුමාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. අදාල දැනුම් දීමට වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා මේ පැමිණිල්ල පිළිබදව පරීක්ෂා කර වහාම වාර්ථාවක් සපයන ලෙසට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කර ඇත. පොලිස්පති තුමා දැනුවත් කර පැය දෙකක් යන්නට පෙර පොලිස්පති නියෝග පරිධි පැමිණි නිපොප ඇතුළු කන්ඩායම විසින් අදාල කොට කැපූ ස්ථානය කොට පැටවූ භූම්ට්‍රක් එක අත් අඩංගුවට ගත් ස්ථානය පමණක් නොව අදාල රථය පොලීසිය වෙත ගෙනයන අතරතුර මාර්ගය දෙපස ඇති සීසීටීවී දර්ශනද පරීක්ෂා කර පොලීසිය මගින් කිසිදු සටහනක් නොයෙදා මුදා හැර තිබූ අංක 227-6078 භූම්ට්‍රක් රියද අත් අඩංගුවට ගෙන නැවත පොලීසිය වෙත ගෙන ගොස් ඇත. ගම්වාසීන් ඒ පිළිබඳව පොලිස්පති වරයාට ස්තුතිය පලකලාය.
නමුත් 24 දින අදාල නඩුව නාරම්මල උසාවියට ඉදිරිපත් කරන විට සියල්ල කනපිට ගසා තිබුනාය. ඒ සැබෑ ලෙසම කොට ප්‍රවාහනය කල අංක 227-6078 දරණ භූම්ට්‍රක් රථය වෙනුවට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනේ අංක 68-3907 දරණ අංක සහිත පරණ ලොරියයි. අධිකරණය විසින් රුපියල් 25000/= දඩයකට යටත් කොට එම ලොරිය සහ කොට සියල්ලම ප්‍රවාහනය කල අයට මුදා හැර ඇත. කරුණු සොයා බැලීමේදී පොලිස්පති දුන් නියෝග සියල්ල වෙනස් කර ඇත්තේ කුලියාපිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ විසිනි. ඒ සදහා ඔහුටත් භූම්ට්‍රක් අයිතිකරුගෙන් ලක්ෂ 10 ලැබී ඇතැයි තොරතුරු වාර්ථාවේ.
කෙසේ වෙතත් අවසානයේ ගිරිඋල්ල ස්ථානාධිපතිට හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම භූම්ට්‍රක් රථය මුදාහැරිමට උපදෙස් දුන් කුලියාපිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ විසිනි.