ජනපති අනුරව එල්ලුම් ගස් යවන නීතිපති පාරින්ද රණසිංහ

මෑත ඉතිහාසය පුරාවටම නීතිපති යැයි පැවසිය හැකි කිසිවකු එම පුටුවේ වාඩිවී නැත. එයට හේතුව වූයේ නීතිය යනු පාලකයාගේ කැමැත්ත වීමයි. “එකම රටක් එකම නීතියක්” යනු ලස්සන වචන පෙලකින් කියන පට්ට බොරුවකි. කිසිම දිනක ජනවරමකින් රටේ නායකයා වීමට නොහැකි රාජපක්ෂලාගේ ආනුභාවයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාද හිටපු නීතිපති සංජය රාජරත්නම්ට ලැබුණි. එම සැලකීම කොතෙක්ද නම් 60 පිරී විශ්‍රාම යාමට සිටි රාජරත්නම්ව මාස 6 ක සේවා දිගුවක් දී නීතිපති පුටුවේ තබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ව්‍යවස්ථාදායක සභාව වෙත එක වතාවක් නොව දෙවතාවක් ඉල්ලීම් කලාය.

ඒ රටට හෝ රටේ නීතියට තිබූ ආදරයක් නිසා නොව හිටපු අග්‍ර විනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම ගිය පසු අගවිනිසුරු පුටුවේ වාඩි කිරීමටය. ව්‍යවස්ථාදායක සභාව සංජය රාජරත්නම්ව ප්‍රතික්ෂේප කලද රනිල් සටන අත් හැරියේ නැත. සංජයගෙන් කරගත් සියළුම පක්කලි වැඩ කර ගැනීමට සුදුසුම පුද්ගලයා ලෙසට තෝරාගත්තේ පාලින්ද රණසිංහවය. ඒ එම තනතුරට සිටි සුදුසුම කෙනා වූයේ අයේෂා ජිනසේන ය. ඇයව එම ධූරයට පත්කල හොත් රනිල්ට සිදුවන්නේ සියතින් ගෙළ වැලලා ගැනීමටය. ඒ ඇය නීතියට ගරුකරන කෙනෙක් මිස පාදඩ දේශපාළුවන්ට කඩේ යන අයෙක් නොවීමයි. වත්මන් නීතිපති සිදුකරනුයේ රටේ නීතිය ගනිකා වෘර්තියේ යොදවා කෙසේ හෝ වත්මන් අගවිසුරු තුමිය විශ්‍රාම යන දිනට එම පුටුවේ වාඩිවෙන්නය.

ඔහු ඊට මුල් ගල තැබුවේ බලපිටියේ දී අනීතිකව මරා දැමුනු ඉන්දිකගේ මිණීමරුවන් නිදහස් කිරීමෙනි. නීතිපති ගේ අනීතික නියෝගය පිළිගැනීම බලපිටිය මහාධිකරණ විනුසුරු තුමා ප්‍රතික්ෂේප කල නිසා එම විනිසුරු මාරුකොට පත්කල නව විනිසුරු මගින් අදාල අධිචෝදනා ඉල්ලා අස්කරගෙන නඩුව අහවර කලාය. නමුත් එම ඉල්ලා අසකර ගැනීම නොකරන ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති සේම අගමැති හරණි අමරසූරියද ලිඛිතව නීතිපති දැනුවත් කර තිබියදීය. ඒත් ජනාධිපති අගමැති නියෝග තුට්ටුවකට මායිම් නොකර එම මෙහෙයුම සිදුකරේ වත්මන් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකරගේ ඉල්ලීමටය. එයට විශේෂ හේතුවක් වූයේ අදාල විශේෂ කාර්‍ය බලකායේ වත්මන් අණදෙන නිළධාරී වරුණ ජයසුන්දර සහ අරුණ ජයසේකර මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුන් වීමයි. වරුණ ජයසුන්දර මුදල් ගෙන සිදුකරවූ අනීතික මිණීමැරුමට සාධාරණයක් නීතිපති ලබා දුන්නේ ඔහුගේ අනාගත අග විනිසුරු සැලස්මට අරුණ ජයසේකරගේ පූර්ණ සහය ලබා ගැනීමටය. ඊලගට ඔහු ඉව ඇල්ලුවේ ජනාධිපති පුද්ගලික ලේකම් වූ ආනන්ද විජේපාලට. ඒ සදහා ඔහු තෝරා ගත්තේ මහර බන්ධනාගාරයේදී තිරස්චීන ලෙස රැදවියන් ඝාතනය කිරීම සාධාරණීය කිරීම මගිනි. වත්මන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක ධූරය හොබවන හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීර විසින් මහර බන්ධනාගාරයේ සිදුකල සමූහ ඝාතනය සාධාරණීය කරණය කල ඉහල පොලිස් නිළධාරියා වීමය.ඔහු ඇමති ආනන්ද විජේපාල ගේ සේම අමාත්‍යාංශයේ සම්භන්දීකරණ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති ගජසිංහගේ පොලිස් සමකාළීනයෙකි. පාලින්ද රණසිංහ හොදම නිලය ඇල්ලුවා. ඒ ආනන්ද විජේපාලගේ උපදේශක ආරක්ෂා කිරීමට ඍජුවම ඉදිරිපත් වීමෙනි. මහර බන්ධනාගාරය තුළ දී සිදුවූ සමූහ ඝාතනය පිළිබදව නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවට පාලින්ද රණසිංහ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවූ විට මහේස්ත්‍රාත් තුමා විවෘත අධිකරණයේදී කල ප්‍රකාශය අනුව ලැජ්ජාවක් තියේනම් පාලින්ද රණසිංහ එදින ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. ” නීතිපති මේ නඩුව ඉදිරියට ගෙනයාමට අකමැති නිසා එයට එරෙහි වීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැත. ඒත් නීතිපති තීරණය අවසාන තීන්දුව නොවේ. එමනිසා නීතිපති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන විට මහේස්ත්‍රාත් වරයාගේ නිරීක්ෂණ සටහන් පිළිබදව අවධානයක් යොමුකර කරුණු ඉදිරිපත් කරන්න” යන මහේස්ත්‍රාත් තුමාගේ ප්‍රකාශය තුල නීතිපති ගේ දීන බව සහ නින්දිත බව ඕනෑවටත් වඩා පැහැදිලිය. නීතිපති ගේ අළුත්ම රංගනය වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්භන්ද සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමයි. ඔහු එසේ සිදුකරේ හිතාමතාම වත්මන් ආන්ඩුව අපකීර්තියට සහ අපහසු තාවයට පත්කිරීමටය. මාධ්‍ය වේදීන් මේ ගැන ප්‍රශ්න කිරීමේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සට සිදුවූයේ ගලඋඩ පැහැරූ බළලාගේ චරිතය ප්‍රසිද්ධියේ රඟදැක්වීමටය. නීතිපති මෙය සිදුකිරීම පිටුපස චරිත දෙකකි. ඒ ඉහතින් සදහන් කල නියෝජ්‍ය ඇමති සහ ඇමති තුමන්ලාය. ඔවුනට ලසන්ත වැඩක් නැත. ආමි කාරයකු සහ පොලිස්කාරයන් දෙදෙනා බේරා ගැනීම ඔවුන්ට වටින්නේය. නීතිපති ගේ මෙම ක්‍රියාකාරකම් වලට එරෙහිව අනුර කුමාර ජනාධිපති තුමා යම් සාධනීය ක්‍රියාමාර්ගයක් වාහාම නොගතහොත් ඒත් ආපස්සට එන භූමරංගයක් වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක.හොර ඩීල් කාරයන්ට වෙනත් ආන්ඩුවක් යටතේ කල උදව්වට සරිලන සේ ඇමතිකමක් නැතහොත් අඩුම තරමින් තානාපති කමක් ලැබෙනු ඇත. ඒත් ජනාධිපති අනුර කුමාරට සිදුවන්නේ එල්ලුම් ගස ඇති වේදිකාව මතට ගොස් සියතින් ගෙලවැලලා ගැනීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *