සජිත්ගේ එකපුද්ගල රංගනයට තිත තබන බව චමිපික කියයි.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඔහුට දොස් පවරා ඇති බව වාර්තාවෙි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසා ඇත්තේ ප්‍රේමදාස මන්ත්‍රීවරයාට ඒක පුද්ගල සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ නොතබන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයාගේ කතාව අතරතුර විපක්ෂයේ මනත්‍රිවරුන් සමඟ පිටව නොයෑම හේතුවෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දඩුවම් නියම වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ නියෝගය මත ඔවුන්ට පාර්ලිමේන්තුවේ කතාකිරීම සඳහා ලබාදී තිබූ කාලය උපරිම මිනිත්තු පහකට සීමා කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැවසීය.

විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකින බව පවසා ඇති රණවක සහතා ඔහුට ඒක පුද්ගල සංදර්ශනයක් පැවැත්වීමට ඉඩ නොතබන බවට අනතුරු ඇඟවා ඇත්තේ කොළඹ පැවති උත්සවයක් අමතමිණි.

2 Comments

    1. Author

      මේ ලිපිය චමිපික මන්ත්‍රිවරයා මාධ්‍ය සාකච්චාවක කියපු කථාවක් මිස අපි ලියපු එකක් නොවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *