මහනුවර නගරයේ වැසිකිළි කොන්ත්රාත්තුව ( පිරිසිදු කිරීම් සහ නඩත්තුව) බදුගත් ටෙන්ඩර්කරු සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි එකහාමාරක් මුදල නොගෙවා පැහැර හැරීම නිසා සභාව සතු පොදු වැසිකිළි වසා දැමීමට සිදුව තිබේ,
මෙම වැසිකිළි 10 බදුගත් ටෙන්ඩර්කරුගෙන් අතයට ලොකු ජරාවක් කෑ නාගරික කොමසාරිස් වරිය ඔහුට සහන ලබාදීම නිසා,මහනුවර මහ නගර සභාවට රුපියල් කෝටි එකහාමාරක පොල්ල වැටී තිබේ.
වැසිකිළි කොන්ත්රාත් කරුගෙන් වරින් වර අතයට ගනුදෙනු ලබාගත් නාගරික කොමසාරිස් වරිය නිසා ,මේ වන විට මහනුවර නගරයේ පොදු වැසිකිළි වසා දමා ඇති බව නගර වාසීන් පවසති,
මෙම වැසිකිළි වලට සපයා තිබූ ජල විදුලි බිල් ගාස්තුද නොගෙවා පැහැර හැරිය ,වැසිකිළි ටෙන්ඩරය ගත් පුද්ගලයාගේ ටෙන්ඩර් ගිවිසුම අවලංගු නොකරන්නේද නාගරික කොමසාරිස් වරිය වන ඉන්දිකා අබේසිංහ නමැති කාන්තාව බව මහනුවර මහ නගර සභාවේ නිලධාරිහු පවසති.
මේ අතර මෙම නාගරික කොමසාරිස් වරියගේ නගර සභාවේ ගෝලයන්කීප දෙනෙක් නගරයේ පළතුරු වෙළෙන්ඳන්ගෙන් දිනපතා කප්පම් ලබා ගන්නා බවද ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි,
වැසිකිළි ටෙන්ඩරය බදු ගත් කොන්ත්රාත්කරු ආරක්ෂා කරමින් ,ඔහුට උදව් කරන්නේ නාගරික කොමසාරිස් වරිය බව ,නගරයේ වැසිකිළි කොන්ත්රාත්තුව ලබා ගත් පුද්ගලයාද වරින් වර පවසා තිබේ.
2026-10-31

