බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලිංගික අතවර සිද්ධියකට චුදිතයෙක්

වර්ථමාන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. සේනාතිස්ස මහතා කාන්තාවකට අතවර කිරිමට යාම සම්බන්ධයෙන් කුරුණැගල මහෙස්‍රාත්  අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව වාර්ථාවෙි.

එවකට මාස්පොත ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන සමයේ එහි සේවය කළ නිළදාරිනියකට මෙසේ ලිංගික අතවර සිදු කර ඇති බව සදහන්වේ.

ඒ සම්බන්ධයෙන්   කුරුණෑගල පොලිසියට සිදු කළ  පැමිණිලි  කර ඇති ඇතර එය CIB 244/138 අංකය යටතේ සටහන් කර තිබෙි.ඊට අමතරව වාරියපොල පොලිසියට ද  WCIB II 114/87 අංකය යටතේ පැමිණිළි කර තිබෙි.

ඒ අනුව කුරුණෑගල මහෙස්‍රාත් අධිකරණයේ නඩු අංකය B704/20 යටතේ නඩුව විභාග වෙි.

මිට අමතරව මෙම ප්‍රාදේශිය ලේකම්වරයා තබුත්තේගම ප්‍රාදේශීය ලේකම් සේවය කරන සමයේදීද එවැනිම සිද්ධියක් සිදුවී  ඇති අතර පොලිසියට පැමිණිළි කිරිම වලකාලම්න් බලපෑම් කර එය යටපත් කර ගෙන ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *