සිදත්ගෙ පම්පෝරි රෙද්ද පල්ලෙන් බේරෙයි

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් කිසිවකු ක්‍රිකට් ආයතනයේ පැත්ත පළාතක වද්දා ගත නොයුතු බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුනි මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
එහෙත් ඔහු එසේ කියා දින දෙකක් යාමට පෙර පාකිස්තානයේ පැවති ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගයේ ක්‍රීඩකයන්ගේ ප්‍රවේශ පත්‍ර කොටසේ සිට තරගය නරඹන ක්‍රීඩක කළමනාකරුවකු සජීවී විකාශය අතර දැක ගත හැකි විය.
මොහු නායක කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු ලෙස කටයුතු කරන මතබේදයට තුඩු දුන් අයෙකි.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරත වද්දී කණ්ඩායම සිටින හෝටලයට පැමිණ මොහු ක්‍රීඩකයන්ගේ කාමර වල නිදා ගෙන කණ්ඩායම් බස් රථයේ ගමන් කිරීම පිළිබඳවද වාර්තා වී තිබිණ.
මේ ක්‍රීඩක කළමනාකරුවන් මෙසේ තරග අතර තුර ක්‍රීඩකයන් සමග ගැවසීම ගැන හරි නම් සිදත් වෙත්තමුනි මහතා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *