දයාසිරිගේ හා හරින්ගේ බයිලා කියුම්

හිටපු ක්‍රීඩා ඇමතිවරුන් වන හරින් ප්‍රනාන්දුටත් දයාසිරි ජයසේකරටත් පුදුම විදියට තරහ ගිහින් ය.
මළම පැනලාය.
ඒ මාලිමා ආණ්ඩුව ෂම්මි ප්‍රමුඛ ක්‍රිකට් විධායක සභාව විසුරුවා හැර එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කිරීමත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරීමත් නිසාය.
මේ නිසා මාධ්‍ය අමතමින් මේ දෙන්නා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ දැඩි ලෙස විවේචනය කරනු පෙණින.
ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ද හරිම ෂෝක් ය.
ඒ කිසිවකුට කට හැර පෙරළා ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න බැරි වීමයි.
එක්කෝ ඔවුන් ෂම්මිගේ පඩි ලැයිස්තුවේ ඉන්න නිසා නැතහොත් කටේ පිට්ටු නිසා විය යුතුය.
එහෙමත් නැත්තන් මොවුන්ට කශේරුකාවක් නොමැති වීම නිසයි.
ක්‍රීඩා ඇමතිවරුන් ලෙස කටයුතු කළ සමයේ දයාසිරි ජයසේකර එවකට ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලෙමින් සුවච කීකරු බලු පැටියකු මෙන් සිටි අයුරුත් හරින් ප්‍රනාන්දු ෂම්මි සිල්වාගේ සාක්කුවේ සිටි අයුරුත් ඔවුන්ට අමතක වුණාට මෙරට වැසියන්ට අමතක නොමැත.
දයාසිරිට ඒ කාලයේ හෙට්ටිපොල ක්‍රීඩාංගණයක් හදන්න ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු මුදලත් හරින් ප්‍රනාන්දුට දඹුල්ලේ ඔප්පු ප්‍රදානය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයෙන් ගෙවන ලද මුදලත් වෝහාරික විගණනයකින් හෙළිදරව් වනු ඇතැයි බියක් හට ගත්තොත් එය පුදුමයක් නොවනු ඇත.
තේරීම් කමිටු ගැන කතා කරන්නට මේ දෙන්නාටම නොහැකිය.
දයාසිරි තේරීම් කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවටද ගෙන්වා තග දැමූ අයකු වන අතර හරින් තමන් සමග එකට බොන පාටි දැමූවන් තේරීම් කමිටුවට නම් කළ අයකු වේ.
ඒ නිසා දයාසිරිත් හරිනුත් කියන දේවල් ගණන් ගන්නා මෝඩයන් මේ රටේ තවත් ඉතිරිව නැති බව නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *