ගොංකම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ආණ්ඩුවේ මහාචාර්ය ඩබල

 වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ආචාර්ය මහාචාර්ය වරුන්‍ ය. නැත්නම් දොස්තරලා ය. එක්කෝ නීතීඥයෝය. සාමාන්‍ය පෙලවත් හරියට ගොඩ දාගන්න බැරිවුන ඒත් පක්ෂෙට පිංසිදුවන්නට එරංග ගුණසේකර වගේ එකෙක් දෙන්නෙක් ද සිටීයි. ටීබි සරත් වැනි ජෝකර් කෙනෙක් සමග අතයට ගාන ගෙන කුඩ්ඩන්ව මේන්ටේන් කරන සුනිල් වටගල වැනි අයද  සිටීම ඉතාමත් විනෝද ජනකය.ජනාධිපතිවරයාගේ වචනයෙන් කියනවා නම් ආණ්ඩුව මාරයි , පට්ටයි ,එල , ස්එලෆවුසිය.

 අද කතානායක වරු දෙදෙනෙකි. දෙදෙනාම මහාචාර්ය වරුන්‍ ය. රාජ්‍ය පරිපාලන ඇමති චන්දන අබේරත්න සහ සංස්කෘතික සහ බුද්ධ ශාසන ඇමති හිනිදුම සුනිල් සෙනවිය. ඩබලම සුපිරිය චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. තම පියාගේ සිට පරම්පරාවෙන් නාගොඩ කල්වරි දේවස්ථානයට කඹුරන වසර 38 ක් පන්සලකට වැස්සකට වත් නොගිය හිනිදුම සුනිල් සෙනවි බුදු දහම ගැන මෙලෝ දෙයක් දන්නේ නැත.

 ලංකාවේ වාර්ෂික දින දර්ශනය හදුන්වා දෙනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගිනි. එහිදී වාර්ෂික දින දර්ශනයට රජයේ සහ බැංකු නිවාඩු සමග සියළුම ආගම් සහ සංස්කෘතික දින පැහැදිලිව සටහන් කරනු ලබයි. ප්‍රධාන වාර්ෂික දින දර්ශනයට සමගාමීව පහත සදහන් අතුරු දින දර්ශන ද නිකුත්කරනු ලබයි .ඒවා මෙසේය, වාර්ෂික පෝය දින දර්ශනය, මුස්ලිම් දින දර්ශනය, රජයේ සේවකයන්ගේ මාසික වැටුප් දින දර්ශනය , විශ්‍රාමික වැටුප් දින දර්ශනය ,සමාජ ආරක්ෂණ දීමනා ( පිං පඩි ) දින දර්ශනය ආදිය වේ.

 මෙම සියළුම දින දර්ශන ඊට පෙර වසරේ ඔක්තෝබර් මසදී සකසා අවසන් කරණු ලබයි. ඒ කියන්නේ 2026 වසරේ මැයි දිනය සහ වෙසක් පෝය දිනය එකම දිනයක යෙදී තිබීම මේ ඇමති ගොන් ඩබල දැනගෙන හිටියේ නැතිද? එක මැයි දිනයක් වත් කිරීමට ගෙන තිබූ තීරණය අප්‍රේල් මස 1 වෙනිදා වෙනස් කිරීමට රජය ගත් හදිසි තීරණය නිසා වෙසක් සැමරුම මැයි මස 30 දිනට යෙදී ඇති අධි පොසොන් පෝය දිනයේදී සැමරීමටත් ඒ වෙනුවෙන් මැයි මස 25 සිට 31 වෙනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කළේය.

ඒසේම එම වෙසක් සතිය තුළ සතුන් මැරීම මත්පැන් විකිණීම රජය විසින් තහනම් කර ඇති බවද එම නිවේදනයේ දක්වා තිබුණි. ඒත් මේ ඇමති ගොන් ඩබල මැයි මස 28 වෙනි දින ඉස්ලාම් භක්තිකයන් විසින් දෙවියන් වහන්සේ වෙත සතුන් මරා පූජා කිරීමේ හජ්ජි උත්සවය යෙදී ඇති බව නොදැන සිටියාද? එසේ නොදැන සිටියා කියා කියන්නේ නම් ඔවුන් දෙදෙනාම ඇමති තනතුරු වලින් ඉල්ලා අසවිය යුතුය. ආගම්වාදී නරුමයන් කීපදෙනෙකුම හජ්ජි උත්සවය වෙනුවෙන් සතුන් ඝාතනය කිරීම නොකල යුතු බවට නීතියක් පැනවිය යුතු බවට දැනටත් ප්‍රකාශ නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනාධිපති බලතල පාවිච්චි කර එවැනි නියෝගයක් නිකුත් කල නොහැක. එසේ කලහොත් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට ඔහු ගොදුරු වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

14 වන ව්‍යවස්ථාවේ ( ඉ) අනු ව්‍යවස්ථාවේ කියා ඇත්තේ ” එකලාව හෝ අන් අය සමග ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව , තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇඳහීමෙන්, පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස” අයිතිය ඇති බවයි. එසේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 (1) ව්‍යවස්ථාවේ පෙන්වා දී ඇත්තේ ” පවත්නා ලිඛිත නීතී සහ ලිඛිත නොවූ නීති අතරින් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදයේ මෙයට ඉහලින් ඇති විධිවිධාන වලට අනුකූල නොවූවද එකී සියළු පවත්නා ලිඛිත සහ ලිඛිත නොවූ නීති බලාත්මක වන්නේය” යනුවෙනි.

අඩුම තරමින් මේ ගොන් ඇමති ඩබල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අබමල් රේණුවක් තරම් දැන සිටියානම් ආගම් දෙකක් අතර ඝට්ටණයක් ඇති නොවනසේ කටයුතු කරනවාය.  මෙවැනි ගොං වාහෙලාට පදවි තනතුරු ජනාධිපතිවරයා විසින් කුමන තක්සේරුවක් මතද යන්න ජනාධිපතිවරයා වෙත ජන්දය ප්‍රකාශ කල රටවැසියාව දැනුවත් කල යුතුය. එසේ නොවුන හොත් ඊලගට පවත්වන පළමු මැතිවරණයේ දීම ජනතාව විසින් ජනාධිපතිවරයා ව හොඳින් දැනුවත් කරණු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *