මහනුවර නගරයේ මහ දවල් සිදුවූ මැණික් ගල් මංකොල්ලයේ කොල්ලකරුවා සහ ගොහාගොඩ ප්‍රදේශයේදී අයිෂ් මත් ද්‍රව්‍ය ගනුදෙනුවක් මත පාතාල සාමාජිකයන් මහනුවර හන්තාන පෙදෙසේ පුද්ගලයෙකුට වෙඩි 07 ක් ,තබා පළා ගිය පාතාලයන් මේ වන තෙක් අල්ලා ගන්නට ,කයිවාරු ගසන මැදරට සිංහ වෙස් ගත් පොලිස් ලොක්න්ට සහ ඔහුගේ නඩයට නොහැකි වී තිබේ.
එහෙත් මේ දම්සක් ලොක්කාගේ මහනුවර නිල කාර්යාලයේ අංගනාවගෙන් නම් ඔහුට බේරීමක් නැති බව එම කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.ආණ්ඩුවේ ඇමතිවරු ඉදිරියේ සිංහ සෙයියාවෙන් හඬ නගන මේ දම්සක් ලොක්කටත් ඔහුගේ ගෝලයන්ටත් මේ වන තුරුම ,මහනුවරටම ඇවිත් වෙඩි හතක් තබා පළා ගිය මැරයන් සහ රුපියල් ලක්ෂ 80 ක ,පමණ මැණික් කොල්ලය සිදුකර පළාගිය කොල්ලකරු අත්ඩංගුවට ගන්නට නොහැකි වීම මහනුවර ජනතාව අතර කතා බහට ලක්වතිබේ.
පසුගියදා සාම පා ගමනේ කටයුතු ආවරණය කිරීමට පැමිණි අනුරුද්ධ ලොකුහපුආරච්චිටද තග දැමූ මේ දම්සක් සිංහයා ,බොහෝ විට බොරු ගෙරවිළි කාරයෙක් බව පොලිසියෙන්ම වාර්තා විය,
මෙයාගේ අංගනාව පසුගිය දිනෙක පරළ වී දම්සක් කන්තෝරුවේ ලොකු ගෝරනාඩුවක් දැමීම නිසා එම කාර්යාලයේ සිටි පිරිසද නොසන්සුන් වී තිබේ.බොහෝ අවස්ථාවල මේ අංගනාව වැඩ කරන්නේද දම්සක් ලොක්කාගේ නිල බලය අතට අරගෙන බව පොලීසිය තුලින්ම ඇසෙයි.

