මාර්තු 31 ආ රාජ්‍ය බුද්ධි වාර්ථාව දැක කළබල වූ ආණ්ඩුව

රාජ්‍ය බුද්ධි සේවාව රටේ ආරක්ෂාව ගැන පමණක් නොව පවත්නා ආණ්ඩුවේ ආරක්ෂාව ගැනද නිරන්තරයෙන් තොරතුරු රැස්කිරීම සහ එම තොරතුරු දෛනිකව සතිපතා සහ සම්පිණ්ඩනයක් ලෙස මාසිකව ආණ්ඩුවේ බලධාරීන් වෙත ලබාදීම සිදුකරනු ලබයි.

ගෙවුන මාර්තු 31 ලැබුණ මාසික සම්පිණ්ඩනය බුද්ධි වාර්ථාව දැක ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම තිගැස්සුනි. එම වාර්තාවෙන් කියවුනේ ආණ්ඩුවේ ජනප්‍රිය තාවය 35% කින් පහත වැටී ඇති බවත් එය දීර්ඝ කාලීනව වර්ධනය වුවහොත් ආණ්ඩුවට  මාරාන්තික ප්‍රහාරයක් වන බවත්‍ ය. ජනතාව එලෙස ආණ්ඩුව කෙරේ කලකිරීමට පත් වීමට මූලික කාරනය ලෙස පෙන්වා දී තිබුණේ ආණ්ඩුව හොරු සුරතල් කරමින් උන් සමග ඩීල් දැමීමය. එය දිගටම පැවතුන හොත් 2015-2019 පැවති යහපාලන ආණ්ඩුවට අත්වූ ඉරණමට වඩා ඛේදනීය තත්වයකට මේ ආණ්ඩුව ද පත්වන බවයි. 

මෙය දුටු ජනාධිපතිවරයා, ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා සමග සාකච්ඡා කොට වහාම දේශපාලන මණ්ඩල රැස්වීමක් අප්‍රේල් 1 වෙනි දිනම කැදවා ඇත. එහිදී තීරණය වූයේ පැවැත්වීමට සූදානම්කර තිබූ එක් මැයි රැළියක් වෙනුවට ප්‍රධාන දිස්ත්‍රික්ක 21 ක් ආවරණය වන පරිදි මැයි රැළි 21 ක් පැවැත්වීමටත් ඒ සෑම රැළියකදීම කම්කරු ප්‍රශ්නය ගැන කතා කරනවා වෙනුවට ඉදිරියේ දී අධිකරණය මගින් දඩුවම් දීමට සිටින විපක්ෂය හා සම්බන්ද අයගේ නාම ලේඛන ඉදිරිපත් කිරීම කලයුතු බවටත් තීරණය විය. එසේම ජනාධිපතිවරයා සහභාගී වන නුවරඑළියේ සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණය කරන රැළි දෙක සදහා උපරිම බලයක් යෙදීමටත් ඒ සදහා කොට්ඨාස සභාවලට  සහභාගී කලයුතු ප්‍රමාණයත් නිශ්චිතවම ලබා දීමටද තීරණය විය. පෙරදී ස්වේච්ඡාවෙන්ම මුදල් ගෙවා බස් පිටිං සෙනග පැමිණියද මෙවර එසේ සාමාජිකයන් ගෙන ඒම අපහසු නිසා පක්ෂය එම බරපැන දැරීම සුදුසු බවද තීරණය විය. ජනාධිපතිවරයා නුවරඑළියේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මහරගම රැළියට සහභාගී වීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් පැමිණීමටත් ඒ සදහා වැයවෙන මුදල පක්ෂේ මුදල් වලින් පියවීමටත් තීරණය විය.

 මැයි පළවෙනි දින වෙසක් පුන්පෝය යෙදී ඇති නිසා වෙසක් පෝය ඉහලින් සැමරීමට මැයි මස 30 වෙනි දිනට යෙදී ඇති අධි පොසොන් පෝය දිනය වෙසක් පෝය දිනය ලෙසට නම් කිරීමටත් මැයි මස 2 වන දිනට ඇති රජයේ නිවාඩු දිනය අවලංගු කර එම දිනය මැයි 31 දින ලබා දීමටත් එම තීරණය රජය ගත් ප්‍රතිපත්ති තීරණයක් ලෙසට ජනමාධ්‍ය හරහා රටේ ජනතාව දැනුවත් කිරීමේ කාර්‍ය්ය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැවරීමටත් තීරණය විය. එසේම ගිලිහී යන ජනතා ආකර්ශනය නැවත දිනා ගැනීම සදහා “ජනරජයට ජන බලයක්”‍යන තේමා පාඨය යටතේ පෝස්ටර් ව්‍යාපාරය දියත් කිරීමටත් තීරණය විය. ඒ අනුව රට පුරාම ප්‍රමාණ දෙකකින් සිංහල සහ ද්‍රවිඩ භාෂාවෙන් පෝස්ටර් මුද්‍රණය කර අලවා තිබුණි.

 පෙර කතිකා කරගත් පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නුවරඑළියේ මැයි පළමු දින පෙරවරුවේ පැවති ප්‍රධාන රැළියේදී ඉදිරියේ දී දඩුවම් දීමට නියමිත හිටපු දේශපාලන ප්‍රභලයන්ගේ ලයිස්තුවක් සේම මැයි 25 ලබා දීමට නියමිත තීන්දුව ප්‍රකාශයට පත්වූ විගස එය සතුටින් සැමරීමට සූදානම් වන ලෙස ජනතාව දැනුවත් කලාය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා කීවේ ආයිත් ආණ්ඩු නැත කියාය. ඒ ප්‍රකාශයේම ගැබ්ව තිබුණේ ජනතාව ආණ්ඩුවෙන් ඈත්වීම නිසා ඇතිවූ බිය බව හොඳින් පැහැදිලි ය. වෙනදා අති දක්ෂතම කතිකයා වූ ටිල්වින් සිල්වා මෙවර මොන්ටිසෝරි දරුවෙකුගේ චරිතය නිරූපණය කරන්නෙක් විය. ඔහුගේ කියවීම වූයේ යැවිය යුතු පාර්ශ්වයෙන් පරිභාහිර අයකුට මුදල් අමාත්‍යාංශය විසින් යවා තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදල බැංකුවකින් වැඩිපුර සල්ලි දෙනවා වගේ සුළු වැරදීමක් බවත් ඒවා එතරම් ගනන් ගතයුතු දෙයක් නොවන බවත්‍ ය. අගමැති හරණී අමරසූරිය නම් පෙළපාලිය යනවිට වැස්සට හසුවීම රඟනයක් බවට පත්කර ගෙන ඇයට ඉදිරියට යන්නට ඇති එකම මඟ වන ගැහැණු අපි එක මිටට ප්‍රමෝට් කරමින් කතා කළාය.

අධිකරණ ඇමති ජෝකර් කෙනෙකුවී පවතින නඩු සහ තීන්දුව ලබාදීමට ඇති දින වකවාණු සහිතව කොලයක් බලාගෙන කියවාගෙන ගියේය. ඔහු රඟපෑවේ ගමේ නාට්‍ය වල සිටින පොතේ ගුරාගේ චරිතය ය.ජෝකර් කෙනෙකුගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. පොලොන්නරුවේ මැයි රැළියේ ප්‍රධාන කතිකයාවූ නියෝජ්‍ය නිවාස ඇමති ටීබී සරත් කීවේ මොනාද කියා එයාවත් දන්නේ නැත. එයට හේතු වූයේ ඔහු පදිංචි රජඇළ කොට්ඨාසයේ සමූපකාර ජන්දයෙන් මාලිමාවට අත් වූ අන්ත පරාජයයි. හැමෝගේම කතාවල යතාර්ථය වූයේ අනාගතයේ හිමිවීමට නියමිත පරාජයේ බිය බව හොඳින්ම පැහැදිලියි. වෙනදා මැයි රැළියක දී ජවිපෙ නායකයන් ගේ තිබූ කම්කරුවා ගේ ප්‍රශ්න පිළිබදව කතාකරපු කතා වෙනුවට මෙවර තිබුණේ අදෝනාය.

ආණ්ඩුවෙන් ගිලිහී යන ජනතාව ඇද බැඳ තබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කි කතාව ආණ්ඩුවටම භූමරංගයක් විය. මැයි 25 හිටපු යම් ප්‍රභල දේශපාලයකු වැරදි කරු වුව හොත් ජනාධිපතිවරයා ස්වාධීන අධිකරණයක් විසින් ලබාදෙන නඩු තීන්දුව පිළිබදව පූර්ව දැනුමකින් සිටි බවට තීන්දුවට එරෙහිව ඉදිරිපත් වන අභියාචනයේදී තර්කයක් ගොඩ නැගීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

එම තර්කය ලෙහෙසියෙන් බැහැර කල නොහැකි නිසා චූදිතයන් නිදහස් වීමටද පුලුවන. එයින් ආණ්ඩුවට පාඩුවක් මිස ලාභයක් සිදුවන්නේ නැත. එසේ වුවහොත් ජනාධිපතිවරයා හිතාමතාම හොරු ආරක්ෂා කිරීමට දඩුවම පිළිබදව පෙරදීම දැනුම්දීම සිදුකල බවට සමාජ ගතවනු ඇත.

“එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මටවූ කාරියා දෙකක් කඩතොළු  සදා දුන්නැයි කම්හලේ ආචාරියා ” යන ගැමි කියමන එදාට යථාර්ථයක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *