නීතියට උඩින් කවුරුත් යා යුතු නැති බවත් රටෙහි කවුරුත් නීතියට යටත් විය යුතු බවත් ජනාධිපතිවරයා එදත් කීවේය .දැනුදු මන්තරයක් සේ කියන්නේය.එය ඇසෙන අපට සිතෙන්නේ ඔහු වෙනත් රටක නීති පොතක් දිග හැර බලා ඇතිද යන සැකයකි.
ආණ්ඩුව මුලින්ම බය වුයේ රාජපක්ෂලාටය.ඔවුන් විසින් රටට කරන ලද මූල්‍ය අපරාධ ,මිනීමැරුම් ,පහරදීම්,අයථා වත්කම් ඉපයීම් සියල්ල හෙළිදරව් වී තිබියදී කට උත්තර ලබා ගැනීමේ නාටක හැර වෙනත් යමක් වි තිබේද ?
එම පවුලේ අංක එකේ හොරා වන බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සුව සේ හිඳිමින් ආණ්ඩුවට පශ්චාත් භාගයෙන් සිනා සෙමින් සිටී.රාජපක්ෂලා කට උත්තරයක් ගැනීමට නීති ආයතනයකට එන කල රට වටේ සිටින ඔවුන්ගෙ හෙංචයියන් ටික කොළඹ ගෙනවිත් රඟන හැටි ආණ්ඩුව බලා සිටින්නේ නිවට විදියටය.ආණ්ඩුව පුදුමාකාර රාජපක්ෂ ෆෝබියාවකින් පෙලේයි.
ඊළඟට ආණ්ඩුව රනිල් වික්‍රමසිංහටද ඇත්තේ පුදුම බියකි.ඔහු විසින් කෝටි එක හමාරක වංචාවකට .කොටු කිරීමට වැනි බාලාංශ ක්‍රියාවකට අල්ලා ගැනීමට වඩා බටලන්ද වධකාගාරය වැනි බිහිසුණු අපරාධයට කොටු කිරීම සිදු කල යුතු උවද ආණ්ඩුව ඒ ගැන ඇහැක් ඇර බලන්නෙ නැත.
අනෙක් අතට ඩඩ්ලිලා ,නිව් රත්නලා ,ධම්මික පෙරේරා ,නිශ්ශංක සේනාධිපති,ටිරාන් අලස් වැනි අයට ද ආණ්ඩුව බයය.2019 ජනාධිපතිවරණයේ දී අනුර පරාජය කරන්නට තම සේසතම වියදම් කරන්නට සිට එවකට ජ.වි.පෙ.සාමාජිකයන්ට පන්නා පන්නා පහරදුන් නිශ්ශංක සේනාධිපති දැන් ඉන්නේ නීතියේ කුමන රේඛාවේද?
අනෙක් අතින් අටමස්ථානාධිපති ,මිහින්තලේ හිමි ඇතුලු ඇතැම් භික්ෂුන් වහන්සේලාට අපචාර චෝදනා රැසක් තිබියදී උන් වහන්සේලා අනුර කියන රටෙ සැමටම එක නීතියට යටත් ද යන්න මහා ප්‍රශ්නය සමාජය ඉදිරියෙ තිබේ.
මෙවැනි තවත් බලවත් උදවිය රටේ නීතිය තමන්ට රිසි සේ නවාගෙන සිටියදී ජනාධිපතිවරයා කියන කතාව තවත් විහිලුවකි නොවන්නේද? මෙබඳු විහිලු සැපයීම නවතා රටේ ජනතාව අවංකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි නීති ගරුක රට ඉක්මනින් සෑදීම ඔහුගේ දැඩි වගකීම වේ.නැතහොත් අතීතයේ දි යසලාලකන් තිස්ස රජුට වූ දෙය ඔබටත් සිදු වනු නොඅනුමානය .
2026-05-21

