වත්තල ක්‍රයිම් OIC නාවල ව්‍යාපාරිකයා බියගැන්නුවේ කප්පම් ගන්නද? නැත්නම් කාගේහරි කීමකට ද?

වත්තල අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රියංකර ඇතුළු එම පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව නාවල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඊයේ (19) පැමිණිල්ලක් කර තිබේ.
ඒම ප්‍රියංකර ඇතුළු අදාළ පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී, තමාව ලුහුබැඳ පෙරේදා (18) සවස 6.30ට පමණ ජා-ඇල නගරයේදී තමාගේ මෝටර් රථය හරස් කර තමා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇති බවට චෝදනා කරමින්, බියවද්දා, වාහනයට ද අලාභ හානි කර අනීතික ලෙස හැසිරුණු බව කියමිණි.
එම ව්‍යාපාරිකයා විසින් සිය පැමිණිල්ල මගින් සිංහල කියවීමට නොහැකි තමා බියවද්දා සිංහලින් ලියන ලද කොළයකට අත්සන් ගත් බවද සටහන් කර තිබේ.
මේ පිරිස පැමිණ ඇත්තේද පෞද්ගලික අයකුට අයත් විට්ස් වර්ගයේ කාර් රථයකින් වන අතර එසේ පැමිණි කිසිවකු පොලිස් නිල ඇඳුමකින් සැරසී නොසිටි බවද පැවසේ.
කෙසේවුවද ඔවුන් සන්තකයේ ගිනි අවි තිබී ඇති අතර ඒවා උලුක්කරමින් අදාල අයට පීඩනයක් එල්ල කර ඇති බවද පැවසේ.
මේ පිරිස අදාළ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළේද යන සැකය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරීන්ට මේවන විට මතුව ඇති බවද වාර්තා වේ.
කෙසේවුද, ව්‍යාපාරිකයා විසින් ජා-ඇල නගර මධ්‍යයේ කෑකෝ ගැසීම නිසා ඔවුන් ඔහුව ඡා-ඇල පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේ එම මෝටර් රථයේ සිටි කාන්තාවක්ද පරික්ෂාවට ලක්කර තිබේ.
මෝටර් රථයේද, ඔවුන් සන්තකයේ ද ඒ මොහොතේ කිසිවක් තිබී නොමැති අතර පසුව ඔවුන් මුදා හැර තිබේ.
කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළ අදාළ ව්‍යාපාරිකයා මේ ව්‍යාජ ඔත්තුව සැපයූ අයට නීතීය ක්‍රියාත්මක කරන ලෙසත්, තමාට මානසික භීතියක් ඇති කළ පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූලව ක්‍රියාකරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *