ශ්‍රී ලංකාව තුළ භාවිතය තාවකාලිකව අත්හිටවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) නැමැති ඖෂධය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පරීක්ෂණාගාරයක් තුළ සිදු කළ පරීක්ෂණ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ඊයේ (09) ලැබී ඇතැයි වාර්තා වේ.
මීට පෙර අදාළ ඖෂධය සම්බන්ධයෙන් ලංකාවේ ජාතික ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ පරීක්ෂණාගාරයේ (National Medicines Quality Assurance Laboratory) සිදු කළ පරීක්ෂණය මෙන්ම එක් කාණ්ඩයක් අසමත්ව තිබේ.
ඒ මතභේදාත්මක අදාළ ඖෂධයේ 24 – E කාණ්ඩයේ යි.
අදාළ මත භේදාත්මක එන්නතේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම හා අනුබද්ධිත (PTC Holdings (Privet) Limited) පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගම (PTC Medical (Private) Limited) විසිනි.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (PTC Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන් කටයුතු කරයි.මේ එන්නත වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් අත්හිටුවා මේවන විට දෙමසකට වැඩි කාලයක් ගතව තිබේ.
මේ සම්බන්ධ වැඩි තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.
2026-04-10

