මැදරට ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්ගේ සුව නොවන රථ ගාය

 අරගල කිරීමෙන් පසු   බිහිවූ මාළිමා ජනතා ආණ්ඩුවේ  රථගාය හැදුණු අලුත්ම පුද්ගලයා  මධ්‍යම පලාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ටත්   උඩින්  ඉන්න රජයේ සංවර්ධන නිලධාරියෙක්  වශයෙන් කරටයුතු කර දැනට  ආණ්ඩුකාර වරයාගේ සම්බන්ධීකරණ ලේකම්  රුපියල්  කෝටි  හතක් වටිනා ,මධ්‍යම පලාත් සභා⁣වේ  එවකට හිටපු  ඇමති වරයෙක්  පාවිච්චි කළ  සු⁣ඛොපභෝගී   නිල රියක්  ඉල්ලා මේ දවස්වල  යකා නටන බව වාර්ථාවෙි.

මොහුට මෙම නිල රිය ලබා දෙන ලෙස පලාත් සභාවේ  ඉහළ නිළධාරින්ටත්  බලපෑම් කරන බව සදහන්වේ.වෙන්දේසියේ විකුණා  එම මුදල් පලාත් සභාවේ  අරමුලට බැර කරන්න කටයුතු යොදා තිබුණත් ,ආණ්ඩුකාරයාගේ සම්බන්ධීකරණ ලේකම්ට හැදී තියන රථගාය  සමනය කරන්න  මේ වාහනය ඔහුට ලබා දෙන්න  මේ දිනවල මධ්‍යම පලාත් සභාවේ ලේකම්වරයෙකුත්   උත්සහ කරන බව වාර්ථාවෙි.

මේ වාහනය පෙට්‍රල් ලීටරයකින් සැතපුම්  හතක්  පමණ ධාවන කළ හැකි බව පැවසේයි. ආණ්ඩුකාරයාගේ සම්බන්ධීකරණ නිලධාරියාගේ රථගාය රෝගය සුවකරන්නට මැද රට ජනතාවගේ බදු මුදල් වැය නොකරන ලෙස  මාළිමාවේ බොහෝ දෙනා  මාළිමාවේ ලොක්කන්ගෙන් ඉල්ලා සිටිති.

බලශක්ති ආර්බුදයක් පැවැතිම නිසා මෙිවැනි වාහන භාවිතාව සම්බන්ධයෙන් රජය    චක්‍රලේඛයක් නිකුත් කරල තිබියදීත් ආණ්ඩුකාරයාගේ සම්බන්ධීකරණ නිලධාරියාගේ රථගායට අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රියක් ඉල්ලා සිටිම පිළිබද එහි නිළදාරින් මවිතය පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *