ලක්ෂ්මන් කුරේ වහාම සේවයේ පිහිටන්න නියෝග

හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඝාතනය කිරිමට ආධාර අනු බල දුන් බවට පවසමින් අත්ඩංගුවට ගෙන සිට පසුව ජේෂඨාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළ හිටපු ගම්පහ භාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කූරේ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයේ පිහිටවන ලෙසට පරිපාලන විනිෂ්චය සභාවෙි සභාපති විනිසුරු විශ්‍රාමික ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා නියෝග කර ඇත.
ඒ අනුව ලක්ෂ්මන් කූරේට පොලිසි තුළ සිදු කරන විමර්ශන ඇත්නම් මාස හයක් තුළ එවා අවසන් කර ඔහුට හිමිවිය යුතු ජේෂ්ඨත්වයද ලබා දෙන ලෙසට පොලිස් කොමිෂමට නියොග කර තිබෙි.
ජේෂ්ඨත්වය අනුව ඔහු මේවන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *