කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නම භාවිත කරමින් මුදල් එකතු කර සාද දැමු යුවලක්

කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නම භාවිත කරමින් ව්ශාල මුදලක් එකතුකොට සාදයක් දැමූ යුවළක් පිළිබඳව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙි.
ඇමරිකාවේ වෙසෙනවා යැයි කියන මෙම ක්‍රිස්ටි වීරරත්ණ සහ ශිරෝමාලා වීරරත්න නමැති යුවළ පාසලේ ආදී සිසුන් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් සමාජ මාධ්‍ය හරහා එකතුකර ඇත.ඔවුන් එම මුදල් රැගෙන ලංකාවට පැමිණ එම මුදලින් ,හෝමාගම පිහිටි The Grand Amalya හෝටලයේ සාදයක් දමා රුපියල් ලක්ෂ දෙකක් පාසලට පරිත්‍යාග කර ඇත.
පාසලේ විදුහල්පති දිස්නා වැලිකල මහත්මියට ආරාධනා කර ඇති මුත් මොවුන්ගේ මෙම දූෂිත ක්‍රියාව කන වැටුණු පසු ඇය එම සාදයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙි.ඒ අනුව නියෝජ්‍ය විදුහල්පති ද එම පිළිවෙතම අනුගමනය කර ඇතත් ගුරු මණ්ඩලයේ කීප දෙනකු සාදයට එක් වී ඇත.මෙලෙස මුදල් එකතු කරන කිසිවෙකුට සහාය ලබාදීමට ප්‍රථම පාසලෙන් විමසන ලෙස ආදි ශිෂ්‍ය සංඝමය වැඩිදුරටත් පවසයි.
මෙම වංචාකාරී යුවල සිංහ සමාජයේ ලිපි සිරැසි යොදා ගනිමින් ව්ව්ධ පුද්ගලයන් ඇමෙරිකාව යුරෝපය ඇතුළු ව්ව්ධ රටවලට නීති විරෝධීව රැගෙන යාමේ ජාවාරමකද නිරත වී ඇති අතර රක්ෂණ සමාගම් කිහිපයක නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් ව්ව්ධ අවස්ථාවල ව්ශාල මුදලක් වංචා කොට ඇත. තමන්ගේ මුදලින් බාල් නැටුවාට ගැටලුවක් නැතත් පාසලක නම භාව්තා කරමින් මුදල් එකතු කොට බාල් නැටීමට ඉඩදිය නොහැකි බව අපි මේ පිලිබදව ව්මසූ අවස්ථාවේදී කොට්ටාව ආනන්ද ව්ද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර අවස්ථාවක මෙම යුවල ව්සින් දෙබරවැව මධ්‍යමහා ව්ද්‍යාලයේද නම භාව්තා කරමින් එම ව්ද්‍යාලයට කොම්පියුටර් පාංති කාමරයක් හදන්න යැයි කියා මුදල් එකතුකොට එක කොම්පියුටරයක් පමණක් පාසලට දී ඇති බවටද තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *