සදුදා මහජන දිනය වෙනස් කරමුද

සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය ආයතන වල මහජන දිනය ලෙස පැවතුනේ සතියේ මැද දිනය වන බදාදා ය.නමුත් ගෝඨාභය ආණ්ඩුවෙ අනෙක් පිස්සු වැඩ මෙන්ම සතියේ මහජන දිනය වු බදාදා දිනය වෙනස්කොට එය සඳුදා බවට පත් කලේය .එහිදී එවකට පැවැති රජය ප්‍රකාශ කලේ සඳුදා කැබිනට් මණ්ඩලය රැස් වන බැවින් සඳුදා සියලු රාජ්‍ය ආයතන වල මහජන දිනය ද සඳුදා විය යුතු බවයි .එය එවකට සිදුකළ මහා ගොන්කමකි. .එම තත්වය රනිල් ආණ්ඩුව මෙන්ම මාලිමා ආණ්ඩුව ද වෙනස් කලේ නැත.

සාමාන්‍යයෙන් සතියේ සඳුදා දිනය ඕනෑම රාජ්‍ය ආයතනයක් තරමක් කාර්ය්‍ය බහුලය .කලින් සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක්නම් මෙම තත්වය වඩා සංකීර්ණය .ඒ මදිවට මහජනතාව ද සඳුදා දින කාරියාල වල පිරෙන විට ඇතැම් රජයේ කාර්යාලවලට වෙනත් කටයුතු සිදු කල නොහැකි තරම්ය .

මෙම තත්වය මත නැවත බදාදා දිනය මහජන දිනය බවට පත් කිරීමෙන් වලක්වා ගත හැකිය යන්න බොහෝ රාජ්‍ය ආයතන සේවකයන් ගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *