රජයේ ප්‍රතිපත්ති බල්ලට දමමින් වත්මන් ආණ්ඩුවේ ඇතැම් රාජ්‍ය නිලධාරින් රජයේ වාහන ජනතා බදු මුදලින් ඉන්ධන සපයා ගෙන දිනපතා අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන එන කාන්තාව කවුදැයි නුවර ජනතාව විපරම් කරති.
මෙම වාහනය ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට අයත් එකක් බව එහි ඇති රාජ්‍ය ලාංචනයෙන් සහ අකුරු වලින් දැනගන්නට හැකි විය.
මාස ගනනාවක් තිස්සේ එක්තරා කතක් මෙම රජයේ වාහනයේ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ පැයකට වඩා වේලාවක් වාහනය එම ස්ථානයේ නවතා තබාගෙන සිටින බව තතු දත් පිරිස් පවසති.
රජයේ මුදල් යයි කියන්නේ ජනතා බදු මුදල්ය. සිස්ටම් චේන්ජ් කලත් වත්මන්ර ජය යටතේද රාජ්‍ය නිලධාරින් රාජ්‍ය දේපල තම පුද්ගලික කටයුතු වලට යොදා ගන්නා ආකාරය මෙයට කදිම නිදසුනකි.
මෙම රජයේ වාහනය කුමන නිලධාරියාගේද ,එහි පැමිණෙන්නේ ඔහුගේ බිරිඳද යන්න මහනුවර නගරයේ ජනතාවට සැක පහළවී තිබේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පලාතේ රාජ්‍ය ආයතන වල වගකිව යුතු ප්‍රධානීන් අවධානයක් යොමු කල යුතුය.රජය පුන පුනා පවසන්නේ ඉන්ධන අව භාවිත නොකරන ලෙසටියි.රාජ්‍ය දේපල සහ සම්පත් අවභාවිත නොකරන ලෙසයි.එසේ මෙම රජයේ වාහනය සිය පුද්ගලික කටයුතු සඳහා භාවිතා කරන්නේ කවුදැයි මහනුවර ජනතාව ප්‍රශ්ණ කරති.

