ලංකාවේ දැනට අධිවේගී මාර්ග දෙකක් ක්‍රියාත්මක අතර ඒ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ අඩක් පමනක් ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ග යයි. මෙම අධිවේගී මාර්ග දෙකෙහි හදිසි බේරාගැනීම් සහ ගිණි නිවීමේ රාජකාරි සදහා මුලින්ම යෙදවූයේ විශේෂ කාර්ය බළකාය නොහොත් එස්ටීඑෆ් එකයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ සිටින විට මෙම රාජකාරිය ඇවන්ගාඩ් ආයතනයට දීමට ඒ මොහොතේ පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් සහ එවකට එස්ටීඑෆ් අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර දෙදෙනා වජිර අබේගුණවර්ධනගේ ඉල්ලීම පිට සැළසුම් සකස්කර යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කල අතර රනිල් වික්‍රමසිංහ එයට තරයේ විරුද්ධ වී එම රාජකාරිය රජයේ පාලනය යටතේ ඇති රක්නලංකා ආයතනයට පවරන ලදි. එහෙත් එම ආයතනයට මෙම කාර්‍ය්ය නිසිලෙස ඉටුකිරීමට නොහැකිවූ කල නැවත එස්ටීඑෆ් එකටම එය පවරා ඇත.
පසුගිය මාර්තු 1 වෙනි දින කටුකුරුන්දේ එස්ටීඑෆ් පුහුණු පාසලේ කායවර්ධන ශූරයන් තෝරන තරගයක් පැවති තර එයට සමගාමීව 90 ඩිග්ග්‍රීස් නම් යතුරු පැදි සමාජය ඉදිරිපත් කරන ලද යතුරු පැදි සංදර්ශනයක් ද පැවැත්විනි. මෙම ක්‍රියාන්විතයන්හි ප්‍රධාන ආරාධිතයා වූ යේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ය. එහිදී වත්මන් එස්ටීඑෆ් අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා විසින් රවී සෙනවිරත්න වෙත එස්ටීඑෆ් නිළධාරින් විසින් දැනට අධිවේගී මාර්ගයන්හි ක්‍රියාත්මක කරනු ලබන හදිසි බේරාගැනීමේ සහ ගිණි නිවීමේ රජකාරිය ඇවන්ගාඩ් සමාගමට පැවරීම සාධාරණීකරණය කරමින් යෝජනාව ඉදිරිපත් කර ඇත. එම යෝජනාව රවී සෙනවිරත්නට අඬන්න හිටපු එකාගේ ඇසට ඇගිල්ලෙන් ඇන්නා වැනිවිය.
අදටත් රවී සෙනවිරත්න ගේ පුතා රැකියාව කරන්නේ ඇවන්ගාඩ් ආයතනයේය. ඔහු අදටත් පදිංචි දෙහිවල වින්සර් ඇවිනියු , ස්ෆෑන් ටවර් හි එෆ්8/යූ5 අංක 27 දරණ නිවසද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටියදී මිලියන 30 කට අධික මුදලකට මිළදී ගැනීමට සම්පූර්ණ දායකත්වය දැරුවේද නිශ්ශංක සේනාධිපති ගේ ඇවන්ගාඩ් ආයතනයයි.
රවී සෙනවිරත්න ඍජුවම කියා ඇත්තේ ඔව් සමන්ත අපි වැඩේ කරමු කියාය. මේ ගැන වැඩිදුර සෙවීමේදී අනාවරණය වූයේ කලක් එස්ටීඑෆ් හි රාජකාරි කල දීප්ති හෙට්ටිආරච්චි නම් නිළධාරියා විසින් මෙම යෝජනාව 2026 අගෝස්තු 30 විශ්‍රාම යාමට නියමිත වත්මන් එස්ටීඑෆ් අණදෙන නිළධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා වෙත ඉදිරිපත් කර ඇති බවයි. දීප්ති හෙට්ටිආරච්චි පවසා ඇත්තේ ඔහුට සහ සමන්තට ඇවන්ගාඩ් ආයතනයේ අධ්‍යක්ෂක ධූර දෙකක් ලබාදෙන බවට නිස්ශංක සේනාධිපති පොරොන්දු වූ බවයි.
තම තමන්ට පුද්ගලිකව ලැබෙන වාසි ගැන සිතා ලංකාවේ නමක් රන්ඳාගෙන සිටින විශේෂ කාර්‍ය් බලකායේ රාජකාරියක් නැව් මංකොල්ල කරුවෙකුට ලබා දෙනවාද නැද්ද යන්න විෂය භාර අමාත්‍ය ආන්න්ද විජේපාල මහතා සේම ජනාධිපති අනුර කුමාර මහතා තීරණය කරනු ඇත.

