ත්‍රිකුණාමලය මාලිමා පක්ෂිකයෙකු වන මෙතෙක් වැඩ අවරණය කළ විදුහල්පතිවරියකට පාසල් අධික්ෂණ නිළධාරි සම්බන්ධීකාරක තනතුරක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ ඉල්ලීම පරිදි ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාප කාර්‍යාලය විසින් ලබා දී ඇති බව වාර්ථාවෙි.
මෙතෙක් සුමේධංකර විද්‍යාලීය ජාතික පාසලේ වැඩ ආවරණය කළ එම ගුරුවරියට නියමිත සුදුසුකම් නොමැති හෙයින් එම තනතුර අහිමිවිමෙන් පසුව ආදාළ තනතුර ලබා දීමට ආණ්ඩුකාර කාර්යාලය මැදිහත්ව ඇත.
එහෙත් එම තනතුර ලබා දී ඇතැයි පවසන ලිපියට ආණ්ඩුකාරවරයා වෙනුවට අත්සන් කර ඇත්තේ ඔහුගේ මහජන සමිබන්ධතා නිලදාරිවරයා බව වාර්ථාවෙි.
ආදාළ තනතුර හිමිවිමෙන් පසුව ඇය, ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරිමේ උත්සවයකට ද ආරාධිත අමුත්තකු ලෙස සහභාගීවී ඇති අතර එහිදී එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇයව පිළිගෙන ඇත්තේ පාසල් අධීක්ෂණ නිලධාරි සම්බන්ධීකාරක වශයෙනි.

