ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල වලට පත්කිරීමේ කමිටුව ඉදිරියට පසුගිය 08 වෙනිදා වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් රවී සෙනවිරත්න ව කැදවන ලදි. කමිටුවේ සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍ය අචාර්ය හරිණි අමරසූරිය ය. එම කමිටුවේ සාමාජිකයන් ලෙසට එදින ආණ්ඩු පක්ෂයෙන් බිමල් රත්නායක , රාමලිංගම් චන්ද්‍රසේකර්,කුමාර් ජයකොඩි, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,වෛද්‍ය හංසක විජයමුණි, නීතීඥ හර්ෂණ නානායක්කාර , උපාලි පන්විලගේ ,විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපති නීතීඥ නිෂාම් කාරිඅප්පර් ,කාදර් මස්තාන්, රිෂාඩ් බදුර්දීන් ,චමින්ද්‍රාණි කිරිඇල්ල, නීතීඥ දයාසිරි ජයසේකර, සහ කේඑස් කුගදාසන් යන මහත්ම මහත්මීන් නියෝජනය කරඇත.
මෙහිදී නීතීඥ දයාසිරි ජයසේකර විසින් රවී සෙවිරත්නට එරෙහිව ප්‍රධාන චෝදනා දෙකක් ඉදිරිපත් කර ඇත.
පළමුවැන්න ලෙස ඔහුට එරෙහිව බීවත්ව රිය පැදවා රිය අනතුරක් සිදුකිරීමත් එම නඩුව විභාග වන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තුමියට නිළනොවන තර්ජනයක් කිරීම සහ අදාල මහේස්ත්‍රාත් තුමියව ජේෂ්ඨතා ලේඛනයේ පහල ස්ථානයක ඇති කැස්බෑව උසාවිය වෙත මාරුකර යැවිමයි. දෙවැන්න ලෙස පාස්කු ප්‍රහාරය එල්ලවන බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් ලිඛිතව දැනුම් දී තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යන චෝදනා දෙකයි.
එහෙත් එයින් ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වී අත්තේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කල ජනාධිපති නීතීඥ නිෂාම් කාරිඅප්පය. ඒ රවී සෙනවිරත්න ආරක්ෂා කරන ලෙසට නිෂ්ශංක සේනාධිපති රුපියල් කෝටි දෙකක මුදලක් ඔහුට ලබා දීම නිසාය. නිෂාම් කාරිඅප්පර් අමුතුම තර්ක දෙකක් ඉදිරිපත් කළේය. රවී සෙනවිරත්න අතින් සිදුවූ රිය අනතුර ප්‍රශ්න කල යුතු දෙයක් නොවන බවත් එය සමතයකට පත්වීමට ඇති දෙයක් බවත් ය.
රිය අනතුරක් සමතයකට පත්විය හැකි වුවත් බීමත්ව රිය පැදවීමේ චෝදනාව අධිකරණය කදී සමතයකට පත්වන්නේ කෙසේද යන්න ජනාධිපති නීතීඥ කාරිඅප්පර් සේම එම කමිටුවේ සිටි අධිකරණ ඇමති නීතීඥ හර්ෂන නානායක්කාර සහ පාර්ලිමේන්තුවේ මරදානේ චොප්පේ ලෙස හැදින්වෙ වත්මන් සභානායක බිමල් රත්නායක රටට පැහැදිලි කල යුතුය. අගමැති හර්නී අමරසූරිය අතුලු එම කමිටුව නියෝජනය කල ආචාර්ය මහාචාර්ය පට්ටම් ඇති සියලුම දෙනා ඕනෑම දේකට යර්ස් නෝ තැන්කියූ කියන අය බැවින් ඔවුන් ගැන කතා කිරීමද කාළය නාස්ති කිරීමකි.
ඊළග ප්‍රශ්නයට උත්තරය වූයේ රවී සෙනවිරත්න පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව කීම ඉතා හොඳ දෙයක් බවය. රවී සෙනවිරත්න ඕක කීවේ පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවටය. ඒ අදටත් තිරේ පිටුපස සිට ඔහුව මෙහෙයවන සාගල රත්නායක ගේ කීමටය. නමුත් හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා එය මාධ්‍ය ඉදිරියේ ලෝකයටම හඩනගා කීවේය. රවී සෙනවිරත්න කියූ දෙය මෙසේ අගය කරන්නේ නම් කාරිඅප්පර් දප්පුල ලිවේරාගේ සපත්තු දෙක ලෙව කන්නේද කියා දැනගැනීමට කැමැත්තෙමි. රවී සෙනවිරත්නව පොලීසිය බාර අමාත්‍යාංශයේ ලේකම් කරේත් ශානි අබේසේකර නැවත සේවයේ පිහිවූයේද කාදිනල් මැල්කම් රංජිත් ගේ ඉල්ලීමට බව පාර්ලිමේන්තුවේදී විවෘතව ප්‍රකාශකල සභානායක බිමල් රත්නායකට කියන්න කිසිත් නැත.
සහරාන් පිලිබදව රවී සෙනවිරත්නව කාදිනල් ගේ හස්තය ක්‍රියාත්මක වීම නිසා අද රැකියාව අහිමිව සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් 2016 වසරේ සිට 2019 අප්‍රේල් 9 වෙනිදා දක්වා ලිඛිතව සහ වාචිකව දැනුවත්කර ඇත. ඒත් රවී සෙනවිරත්නට රටට වඩා ලොකු වූයේ නිෂ්ශංක සේනාධිපති ය. ඒ යහපාලන ආන්ඩුව සමයේ නිස්ශංක සේනාධිපති ට අයත් ඇවන්ගාඩ් ආයතනය විසින් ගාල්ල වරායට නුදුරු ගැඹුරු මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව පිලිබද නඩුවෙන් සේනාධිපති ව නිදහස් කිරීමය. ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ සියළුම සාක්ෂි විනාශ කරේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වූ රවී සෙනවිරත්න ය. ඒ වෙනුවෙන් රවී සෙනවිරත්නට සේනාධිපති තෑගි දෙකක් ලබා දුන්නාය. ඒ ඔහුගේ දරුවකු වන ගයාන් සෙනවිරත්න නම් රවී සෙනවිරත්න ගේ පුතාට ලක්ෂ ගානක මාසික වැටුපක් ගෙවා ඇවන්ගාඩ් ආයතනයේ රැකියාවක් ලබා දීමත් රවී සෙනවිරත්නට රුපියල් කෝටි 3 කට අධික වටිනා කමකින් යුත් අංක 27 ,F8/U5 , ස්ෆෑන් ටවර් , වින්සර් ඇවිනියු , දෙහිවල ලිපිනයෙහි එපාර්ට්මන්ට් නිවසක් ලබා දීමය.
රවී සෙනවිරත්න වැනි අයෙකුට රජයේ සේවකයකුව සිටියදී මෙවැනි මුදලක් යොදවා නිවෙසක් මිළදී ගැනීමේ හැකියාව පිළිබදව අල්ලස් කොමිසම සොයා බැලිය යුතුය. ඒ ගැන කතා කර වැඩක් නැත .ජනාධිපති සේම කයිවාරු කාරයෙක් වන එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක පරීක්ෂණ පවත්වන්නේ සහ රංගනයේ යෙදෙන්නේ විපක්ෂය නියෝජනය කරන උන්ට එරෙහිව ඇති පැමිණිලි සම්බන්ද යෙන් පමණි. රවී සෙනවිරත්න නිස්ශංක සේනාධිපති ගේ හොඳම ආයෝජනයකි. ඔහු නිස්ශංක සේනාධිපති ට උපකාර කරන ලෙසට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ගෙන් ඉල්ලීමක් ද කළේය.වෙන එකෙක් එසේ කතා කරානම් රංග දිසානායක මාධ්‍ය ඉදිරියේ රඟපාන හැටි මැවී පෙනේ.
එපමණක් නොව රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉදිමින් අදටත් නිළ රථය ලෙස පාවිච්චි කරන්නේ කැසිනෝ ශාලා රේස් බුකි සහ පුද්ගලික ෆිනෑස් ආයතයකට අයත් ජීප් රථයකි. රජයේ සේවකයෙකුට එසේ කල හැකිද? අදාල ආයතනය කෙරේ ඔහුගේ ලබැඳියාවක් නැහැ කියා සහතිකයක් දීමට හැකිද?
උසස් නිලතල වලට පත්කිරීමේ කමිටුව කරේ තමන්ට අවශ්‍ය කොටස නිස්ශංක සේනාධිපති ගේ මුදලට යටවූ විපක්ෂයේ නිෂාම් කාරිඅප්පර් ලවා කියවා කපටි නරියෙකුට පොලිස් අමාත්‍යාංශය නම් කුකුල් කොටුවේ ලේකම් කම බාරදීමය.
ජනාධිපති අනුර කුමාර දිසානායකට අපට කියන්න ඇත්තේ ” ඔහේට හොඳනම් රෙද්ද අස්සේ එක නයෙක් නොව නයි පට්ටියක් හෝ දාගෙන යන්න. ඒත් ඔබව විශ්වාස කර ප්‍රාර්ථනා ගොන්නක් සිතේ තබාගෙන ඔබ වෙනුවෙන් ජන්දය දුන් අහිංසක මිනිස්සුන්ව රවටන්නට එපා කියාය. මොන බලයක් තිබුනත් එවැනි අය කුණු කූඩයට දැමීමට ජනතාව පසුබට නොවන බව ඉතිහාසය ලෝකයට කියා දී ඇත.
( විශ්‍රාමික පොලිස් සහමුහිකයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෛකු විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි.)

