මහනුවර ඓතිහාසික වැව ඉදිරිපිට නගර සභාව සතු ඉඩමක ( ජෝයි බෝට්ටු සේවය ඉදිරිපිට ඉඩමේ) වැසිකිළි පද්ධතියක් සාදා එය, මහනුවර වැසිකළි ටෙන්ඩරය ලබා ගෙන මසකට රුපියල් කෝටි ගනන් උපයන ව්‍යාපාරිකයෙකුට ඉතා සූක්ෂම ලෙස ලබා දීමට උත්සාහ ගන්නා බවට තොරතුරු වාර්ථාවෙි.
මහනුවර මහ නගර සභාවේ ඉහළම නිලධාරිනියක් මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුද අන්දවා එම කාර්යය කෙසේ හෝ කල යුතුබව පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දන්වා සිටියාය. එහෙත් මෙය දළදා මාළිගාවට මුහුණලා ,මහනුවර නගරයේ වැව ඉදිරිපිට ඉදිකිරීම නිසා නගරයේ ජනාකීර්ණ ස්ථානය දුගඳ හමන බව ව්‍යාපාරිකයෙකු විසින් ජනාධිපති කාර්යාලය වෙත දන්වා යවා ඇති බවද වාර්තා විය.
නගරයේ පොදු වැසිකිළි හදන්නට ස්ථාන තිබියදී නගර සභාවේ නිලධාරිනිය එම ස්ථානයේම වැසිකිළි පද්ධතිය ඉදිකල යුතුබවට කල යෝජනාව සුදුසු නැතැයි නගරයේ ජනතාව පවසති.මාලිමා ආණ්ඩුවේ ඇමති වරුද මෙම දූෂිත නිලධාරිනියට යටවී සිටිනබව මාලිමා මන්ත්‍රී වරුද පවසති.
වැව ඉදිරිපිට ලක්සල ආයතනය අසලම වැසිකිළියක් ඉදිකිරීමට නගර සභාවේ නිලධාරිනිය යෝජනා කලේ වැසිකිළි ටෙන්ඩරයෙන් පවා ගසා කන්නට ඇති කැමැත්ත නිසාවෙන් බව නගරයේ බදු ගෙවන ජනතාව පවසති.
මෙම නිලධාරිනිය දළදා මාළිගාව ඉදිරිපිට ස්පා මුවාවෙන් සුපිරි ගණිකා මන්දිරයක් පවත්වාගෙන යන පුද්ගලයාට ඒ සඳහා ඇගේ පූර්ණසහාය දී තිබේ.මෙම ස්පා හෙවත් ශරීර තවන මධ්‍යස්ථානයට කිසිදු නීත්‍යානූකූල බලපතක් නගර සභාවෙන් ලබාගෙන නැති බව නාගරික මන්ත්‍රීවරු චෝදනා කරති. නගරයේ සියලු නීති විරෝධී දූෂිත කටයුතු සඳහා මෙම නිලධාරිනිය ඉතා සූක්ෂම ලෙසින් සහාය දෙන බවද දැනගන්නට ලැබිණි. වැසිකිළියක් ඉදිකිරීමට අවශ්‍ය නම් මහනුවර ජනපති නිල නිවස පිටුපස නගර සභාව සතු ගොඩනැගිල්ල යොදා ගතයුතු බවද ,කලින් එම ස්ථානයේ පොදු වැසිකිළියක් තිබූ බවද නගර සභාවේ මන්ත්‍රීවරු සහ ජනතාවද පැවසුහ

