“මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටින නාකොටික් වැඩ බලන ඕඅයිසී’ යන ශිර්ෂය යටතේ දින දෙකකට පෙර අප හෙළි කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැඩ බලන ස්ථානාධිපතිගේ කෙරුවාව පිළිබද ලිපිය පලවී පැය 24 ක් යෑමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිළධාරියා එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්ථාවෙි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එන් ජයරත්න සමිබන්ධයෙන් අප සාක්ෂි සහිතව ඔහුගේ අකටයුතුකම් හෙළි කළේය.
ඒ සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියාත්මක වූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට අපගේ ස්තුතිය.
2025-07-17

