මාලිමා ආණ්ඩුව පිහිටුවා මාස හතකට ආසන්නය .පැවති මජර දේශපාලන ක්‍රමය වෙනුවට නව පාලන ක්‍රමයක් ජනතාව බිහිකලේ 159 ක මන්ත්‍රී සංඛ්‍යාවක් මාලිමා ආණ්ඩුවට ලබා දෙමිනි.
ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යම් යම් සාධනීය විසඳුම් ලබා දී ඇතත් ඒවා සමහරක් ඇඟට දැනෙන සේ ලැබී නැත.ඊට ප්‍රධානම හේතුව ජනාධිපති හා ඇමතිවරු දෙතුන් දෙනෙක් හැරුණු විට අනෙක් බහුතරයක් මන්ත්‍රීවරුන් නිහඬතාවයෙන් සිටීමය. එක්කෝ එසේ කරන ලෙසට අදිසි හස්තයකින් දැනුමි දී තිබීමද?
එය ආණ්ඩුවට මරු පහරකි.මඩකලපුව හැරුණු කොට මැතිවරණ දිස්ත්‍රික්ක 21 කම බලය ඇත්තේ මාලිමාවටය.සෑම දිස්ත්‍රික්කයකම සම්බන්ධීකරණ කමිටු මුල් පුටු ඔවුන්ගේ ය.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුර ආණ්ඩුවේ මන්ත්‍රි කෙනෙකි.දැන් ප්‍රාදේශීය සභා දෙසීයකට වැඩි ගණනක් ඔවුන් අතේය .එසේ තිබියදීත් ආණ්ඩුව ඉබි ගමනින් යන්නේ ඇයි?
මීට ප්‍රධානම හේතුව ඒ ඒ මන්ත්‍රිවරු තම තනතුරට ආදේශ නොවීමය.1977 හා 1994 ආණ්ඩු බිහිවෙන විට ද ආවේ මෙවැනිම නවකයන් පිරිසකි.එහෙත් කෙටි කලක් තුළ විවිධ ප්රතිරූප මගින් ඔවුහු කරළියට ආහ.(හොඳ ,නරක දෙකෙන්ම )
සෑම දිස්ත්‍රික්කයකම විශාල මන්ත්‍රී පිරිසක් සිටින නමුත් ඔවුන් තාමත් සිය දිස්ත්‍රික්ක වල බලය ක්‍රියාත්මක කරන බවක් නොපෙනේයි.ඒ නිසා රාජ්‍ය නිළධාරින් ද ඔවුන් ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත.එයින් පෙනෙන්නේ මාලිමාව ආණ්ඩු බලය ගත්තත් රාජ්‍ය බලය අත්පත් කරගෙන නොමැති බවය .මේ ලියුම් කරු සමඟ එක් පාර්ලිමේන්තු
මන්ත්‍රි වරයෙකු පැවසුවේ අපි කියන දේවල් අවම වශයෙන් ග්‍රාම නිලධාරීන් හෝ සමෘද්ධි නිලධාරීන්වත් අහන්නෙ නැති බවය.විවිධ චෝදනා ඇති නිළධාරින් වෙනස් කිරීමට හෝ තමන්ට නොහැකි වී ඇති බවද ඔහු කීය.මෙය ඔහුගේ කතාවක් නොව බහුතරයක් මාලිමා මන්ත්‍රී වරුන්ගේ කතාවකි.
ඇත්තටම මාලිමාව ආණ්ඩු බලය ලබා ගැනීමට සිතා සිටියේ නැද්ද ?.එසේ සිටියානම් ඔවුන්ට සැලැස්මක් තිබිය යුතුය .සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලන විට පෙනෙන්නේ සමහර කාරණා පිළිබඳව ගැඹුරු දැක්මක් ඔවුන්ට නොමැති බවකි.
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය උගතුන් හා වියතුන්ගෙන් සමන්විත වීමම ප්‍රමාණවත්ද?.රාජ්‍ය පරිපාලන ඇමති මහාචාර්ය වරයෙකි.එහෙත් ඔහුගේ පොතේ දැනුම ප්‍රායෝගිකව ගලපා ගැනීමට අසමත්ය.මුළු රාජ්‍ය සේවය අඟලක් හෝ ඉදිරියට ගෙන ඒමට ඔහු මෙතෙක් ක්‍රියා කර නැත.
පරිසර ඇමති වෛද්‍යවරයෙකි.ඔහු අවම වශයෙන් සිදුවන වනාන්තර සංහාරය ,අලි මිනිස් ගැටුම් ,වන අලි දුම්රියට බිලිවීම හෝ පාලනයට සාධනීය පියවරක් ගත්තේද ?.
ඉඩම් ඇමති ලාල් කාන්ත සරල කෙනෙක් බව සැබෑය.එහෙත් එය ආණ්ඩුකරණයට අදාළ නැත.අතර මග නවතා දැමු ඉඩම් දීමනා පත්‍ර වැඩ සටහන , වී මිළදී ගැනීමේ රාජ්‍ය මැදිහත්වීම යන කරුනු වලදී ඔහු ෆේල්ය.රටේ නිවාස ඇමති කෙනෙක් සිටිනවාදැයි රට්ටු නොදනී.
මේ ආකාරයට දිගු නම් පෙලක් කිව හැකිය.සමහර ඇමති,නියෝජ්‍ය ඇමතිවරුන් දැක්කේ දිවුරුම් දුන් දිනයේ පමණි..සමහර දිස්ත්‍රික්කවල මන්ත්‍රී වරු සිටින විදියට මාලිමාවට රට පෙරලිය හැකිය.එහෙත් ජනාධිපතිවරයාගේ ආලෝකයෙන් බැබළෙන්නට සිතා මේ ඇත්තන් සිතා සිටියහොත් අර තක්කඩි රැළ මාලිමාව පෙරලා දමනු ඇත.
අඩුම තරමින් තනතුරු නොදරන මාන්ත්රිවරුන්ට එක් එක් අමාත්‍යංශවල වගකිම් පවරා ඔවුන්ට ඉලක්ක ලබා දී වඅඩක් ගත යුතුව ඇත. ඒ සදහා සමහර අමාත්‍යංශවල ඇති විශාලත්වය අනුව නිකම්ම සිටින මන්ත්‍රිවරුන්ගෙන් වැඩක් ගත හැකිය.උදාහරණයක් ලෙස තේ කර්මාන්තය සංවර්ධනයට හා බලපා ඇති ගැටලු ගැන ඒ භූමියට ගොස් තොරතුරු සොයා දිමේ වගකිම ගාල්ල ,රත්නපුර නියෝජනය කරන මන්ත්රිවරයෙකුට ලබා දිය හැකිය. අලි මිනිස් ගැටුමට බලපාන ප්‍රශ්ණ , ගැටලු සෙවිමට ඒ ගැටලු ඇති දිස්ත්‍රික්කයක මන්ත්‍රිවරයෙක්ට පැවරිය හැකිය . එවිට ආදාළ දිස්ත්‍රික්කවල ජනතාව ළගට ගොස් ගැටලු සොයා කඩිනම් විසදුම් ලබා දිම සදහා ආමාත්‍යංශ සමිබන්ධිකර දැනුවත් කළ හැකිය.එය අමාත්‍යවරයාටද පහසුවකි.වෙනත් ආණ්ඩු මෙන් පුද්ගල ප්‍රශ්ණ ඇති නොවන අතර කණ්ඩායමක් ලෙස වැඩකරණ මාලිමා ආණ්ඩුව තුළ ගැටුම්ද ඇති නොවේ.එම නිසා නිකම්ම සිටිනා මාලිමා මන්ත්‍රිවරුන්ගෙන් වැඩක් ගැනිමට කටයතු කළයුතුය.
( මාලිමාවට සහය පළ කළ පරිපාලන නිළදාරියෙකු විසින් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

