මධ්‍යම පලාතේ හිටපු ප්‍රධාන ඇමති වරයෙකුගේ සියලු කූඨ වැඩ කිරීම නිසා එකල ඔහුගේ සුවච කීකරූ ගෝලයෙකු ලෙස සිටි පලමු ශ්‍රේණියේ උප ගුරුවරයෙකුට මධ්‍යම පලාත් පැසැල් ක්‍රීඩා අධ්‍යක්ෂක ධූරයක් පිරිනමා වසර ගනනාවක් එම ධූරය ඔස්සේ විශාල මුදලක් හම්බ කරගෙන , ක්‍රීඩා අංශයේ පාසැල් දරුවන්ගෙන් ගසා කෑ පුද්ගලයා වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පැමිණි පසු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා විසින් ඔහු පිළිබඳව පරීක්ෂණ පවත්වා , එල්ලවී ඇති විෂමාචාර චෝදනා හේතුවෙන් එම දූෂිත පුද්ගලයාගේ මධ්‍යම පලාත් පාසැල් ක්‍රිඩා අධ්‍යක්ෂක ධුරය අහෝසි කර ඔහුව මහනුවර ප්‍රදේශයේ විදුහලකට මාරු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පුද්ගලයාට කිසිදු උපාධියක් හෝ නොමැතිව පලාත් පාසැල් ක්‍රීඩා අධ්‍යක්ෂක ධූරය සඳහා ඔහු පත් කරන ලද්දේ හිටපු පලාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක විසිනි.
මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ විදුහලකට මාරු කල විට එම පාසැලේ සේවයට වාර්තා නොකර සිටි නිසා මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරිය විසින් එම ගුරුවරයා හඟුරන්කෙත ප්‍රදේශයේ පාසැලකට මාරු කර යවා තිබේ.
මෙම පුද්ගලයා පාසැල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා සහතික 6000 ක් මුද්‍රණය කර ,ඒසඳහා පලාත් අධ්‍යාපන දෙපරේතමේන්තුවෙන් මුදලක්ද ලබාගෙන තිබෙන බවද පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම පුද්ගලයා වසර 20 කට අධික කාලයක් පලාත් පාසැල් ක්‍රීඩා අධ්‍යක්ෂක ධූරයේ රැඳෙමින් ඔහුට නීත්‍යානූකූලව හිමි නැති සියලු දීමනා ලබාගෙන ,පළාත් සභාවේ නිල වාහනයක් භාවිතා කරමින් පලාත් සභාවෙන් ඉන්ධන වියදම්ලබා ගනිමින් සිදුකරන ලද විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරගෙන යන බවද ,මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.
මෙම පුද්ගලයා හිටපු පලාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ මැතිවරණ කටයුතු වලටද පූර්ණව සහය දෙමින් තම තනතුර ඔස්සේ අයථා ලෙස හම්බ කරගත් අයෙකු බව පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සඳහන් කරති.මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුල හිටපු ප්‍රධාන ඇමති විසින් නිසිඅධ්‍යාපන සුදුසුකම් නැති පුද්ගලයන් රැසකට විවිධ තනතුරු ලබාදී ඇති බවද පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

