හර්ෂ බැරිම තැන වරද පිළිගත්තේ ටිරාන් හසුවන නිසාද

ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපාහස කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත්තේ ඔහුට එම නියෝග ක්‍රියාත්මක නොකරන ලෙසට උපදෙස් ලබා දුන් අය බෙිරා ගැනිමට බව වාර්ථාවෙි.

ජි.බී.එස් – අයි වී එස්  ගෝලෝබල්  පුද්ගලික සමාගම සහ වී එස් එෆ් සමාගමට ඊ විසා ලබා දිමෙන් රජයට ලැබිය යුත් ඩොලර් ආදායම අහිමි කිරිම සමිබන්ධයෙන් ගොනු කළ නඩුවක අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරිම සමිබන්ධයෙන් අධිකරණයට අපහස කිරිම යටතේ  ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

එම ඊ විසා කටයුතු මොබිටෙල් සමාගමට ලබා දෙන ලෙසට නියෝග කර තිබියදි එය හිතාමතාම සිදු නොකර හර්ෂ ඉලුක්පිටිය මහතා යළි නඩුව කැදවන දිනට පෙර රාත්‍රියේ විදේශ ගතවිය.

පසුව මොබිටෙල් සමාගමෙි නියා්ජිතයින හා ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණ පාලක ඉන්දික හේරත් අධිකරණයට  කැදවා ප්‍රශ්න කලේ මොබිටෙල් සමාගමට එම දත්ත පද්ධතියට ඇතුල්විමට අවස්ථාව සලසා නොදුන්නේ මන්ද යන්නයි.

එහිදි ඔහු ප්‍රකාශ කලේ තමන්ට එවැනි නියෝගයක් පාලකවරයාගෙන් නොලැබුණ බවත් එසේ නියෝගය ලබා දුන්නේනම් පැය විසිහතරක් තුළ එය ඉටු කිරිමට තිබු බවයි.

කෙසේ වෙතත් මුලදී තමන් නිවැරදි කරු ලෙස කියා සිටි ඉලුක්පිටිය මහතා පසුගිය නඩු දිනයේ තමන් වැරදි කරු ලෙස පවසා තමන්ට අමාත්‍යංශ ලේකම්වරයාගේන් ඒ සදහා උපදෙස් නොලැබුණු බව සදහන් කළේය.එහෙත් ලේකම්වරයාගෙන් එවැනි උපදෙසක් ඉල්ලා නොමැති අතර ඔහුගෙන් එවැනි උපදෙසක් අවශ්‍ය නොවන බවත් අධිකරණය නියෝග කළේ ආගමන විගමන පාලක වරයා නිසා ඔහු එය ක්‍රියාත්මක කිරිමට බැදි සිටියි.කෙසේ වෙතත් තවමත් හර්ෂ ඉලුක්පිටිය රටපටලවමින් අධිකරණයට බොර කියමින් සිටින්නේ ඔහුට මෙි උපදෙස් ලබා දුන් ඉහළම පුද්ගලයා වන විෂයභාර ඇමතිව සිටි ටිරාන් අලස් බෙිරා ගැනිමට බවත් ඔහු එකළ ඇමතිවරයා අමාන්ත්‍රණය කර ඇත්තේ ටිරාන් අයියා යන නමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *